32 C
Colombo
Monday, May 6, 2024

ආණ්ඩුව ඉන්ධන මිල වැඩිකිරීමේ විපාකය ජනතාවට – ගැමුණු විජේරත්න (VIDEO)

- Advertisement -

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් කර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා

ගැමුණු විජේරත්න මහතා මේ බව සඳහන් කළේ අද (12) කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින්.

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ගෙවුණු වසර එකහමාරක පමණ කාලයක පෞද්ගලික බස් කර්මානත්ය නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වූ අතර රජයෙන් ඉල්ලා සිටි සහනාධාරද නොලැබුණු බවත් මෙම වසරේදී පමණක් ටයර් මිල,අමතර කොටස් මිල,ලිහිසි තෙල් ඇතුළු ඉන්ධන මිල එක් වරකට වැඩ වැඩි වීම නිසා බස් කර්මානත්ය පවත්වාගෙන යාම අර්බුදයකට ලක්ව තිබෙන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

මෙම පෞද්ගලික බස් කර්මාන්තයේ 50,000ක් පමණ රැකියා කරන අතර මේ වන විට ඔවුන්ගේ පවුල් දැඩි ලෙස අසරණ වී සිටින හෙයින් අවම වශයෙන් රු.5000දීමනාව හෝ ලබා දෙන ලෙස විෂය බැහැර අමාත්‍යවරුන් දෙදෙනාටම පැවසුවද එය හෝ නොලැබුණු බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

RECENT ARTICLES - SINHALA

ටොරින්ටන් වතුයාය අසල අභිරහස් මළ සිරුරක්

ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායට ඉහලින් පිහිටි රක්ෂිතයක හදුනා නොගත් නිරුවත් පුද්ගල මළ සිරුරක් ඊයේ (05) හමුවු බව ආගරපතන පොලිසිය පවසනවා. එම රක්ෂිතයේ දැර...

කොළ පාට අර්තාපල් කන්න එපා.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලිමක්

උග්‍ර විෂ සහිත බැවින් කොළ පැහැති අර්තාපල් අල මිලට ගැනීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුහු පෙන්වා දෙන්නේ කොළ පැහැති අර්තාපල් අල...

වතු ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැසක් අහිමි වෙලා

රටේ අනෙකුත් ජනතාවට තිබෙන මුලික අයිතිවාසිකම් රැසක් වතුකරයේ ඇතැම් ජනතාවට නොමැති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිතිඥය නිමල් ජි පුංචිහේවා මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...