24 C
Colombo
Tuesday, May 21, 2024

ශ්‍රී ලංකාව ඇතුළු රතු ලැයිස්තුවේ රටවල ශ්‍රමිකයන්ට බහරේනයේ වැඩ බලපත්‍ර ලබා දීම නවත්වයි

- Advertisement -

ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඇතුළු කොවිඩ්-19 රතු ලැයිස්තුගත රටවල පුද්ගලයින්ට වැඩ බලපත්‍ර ලබා දීම බහරේනය දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල පුද්ගලයන්ට බහරේනයේ රැකියා බලපත්‍ර ලබා ගැනීම අත් හිටුවීම මීට පෙර මැයි 24 වන දා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබිණි.

එම ක්‍රියාවලිය මේ වන විට තව දුරටත් දීර්ඝ කර ඇත්තේ දින නියමයකින් තොරවය.

වැඩිවන කොවිඩ් -19 ආසාදන හා මරණ සංඛ්‍යාවට ප්‍රතිචාර වශයෙන් බහරේනය මැයි මස අගදී රතු ලයිස්තුවට අයත් රටවලින් සංචාරකයින් පැමිණීම නවතා දමන ලදී.

රතු ලැයිස්තුවේ සිටින රටවලින් පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයින් බහරේනය තුළ සිටී නම් ඔවුන්ට වැඩ බලපත්‍ර අයදුම් කිරීමට හෝ අලුත් කිරීමට හැකියාව ඇති බව බලධාරීන් පවසා ඇත.

RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...