27 C
Colombo
Monday, May 6, 2024

G7 ලෝක නායකයින්ට චීනයෙන් ප්‍රහාරයක්

- Advertisement -

මෙවර G 7 සමුළුවේ දී ලෝක නායකයින් චීනය කේන්ද්‍ර කරගනිමින් විවිධ මත පළ කිරීමෙන් පසු “සිය කීර්ති නාමයට අපහාස කිරීම සහ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට” එරෙහිව චීනය එක්සත් ජනපදයට සහ G7 හි අනෙකුත් රටවලට අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

පසුගිය ඉරිදා G7 නායකයින්, හොංකොං හි ස්වාධීනත්වය පවත්වා ගැනීමට සහ ෂින්ජියැන්ග් කලාපයේ මුස්ලිම්වරුන්ගේ මානව හිමිකම්වලට ගරු කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටියේය.

ලන්ඩනයේ චීනයේ තානාපති කාර්යාලය ඊට එරෙහිව සිය අතෘප්තිය ප්‍රකාශ කළ අතර සමුළුවේ ප්‍රකාශය හිතාමතාම චීනයට අපහාස කිරීමක් බවත් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත්වීමක් බවත් ප්‍රකාශ කර තිබේ.

මෙය ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර එමඟින් එක්සත් ජනපදය වැනි රටවල් කිහිපයක නපුරු චේතනා තවදුරටත් හෙළිදරව් වූ බව චීනයේ මතය වී තිබේ

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...