25 C
Colombo
Sunday, May 19, 2024

ජනාධිපතිවරයාගේ ඡායාරූපය ව්‍යාජ එකක් නෙවෙයි

- Advertisement -

පසුගිය දින කිහිපය පුරාවටම ජනාධිපතිවරයා සම්බන්දයෙන් වූ ඡායාරූපයක් සම්බන්දයෙන් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිවුණා. එහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම ආර්යාව, මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යාව හා අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පසුගියදා අනුරාධපුරයේ පැවති ආගමික චාරිත්‍රවලින් අනතුරුව ආහාර ගන්නා ආකාරයක් දැක්වුණා. මෙම ඡායාරූපය ව්‍යාජ ඡායාරූපයක් බවත් සංඝයාවහන්සේලා සිටගෙන සිටින අවස්ථාවක මෙම ප්‍රභූන් වාඩිවී නොසිටින බවටත් ඇතැමුන් තර්ක කළා. එබැවින් එය ව්‍යාජ එකක් බවත් පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය විසින් ජනාධිපතිවරයා අපහසුතාවට පත්කිරීමට සංස්කරණය කල මෙම ඡායාරූපය සමාජ මාධ්‍යයන්හී ප්‍රසිද්ධ කර ඇති බවටත් බොහෝ දෙනා චෝදනා කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පාඨලී චම්පික රණවක මහතාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා වන මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. එහිදී අනාවරණය වී ඇත්තේ මෙම ඡායාරූපය ව්‍යාජ එකක් නොවන බවටත් එම අවස්ථාවේ ඡායාරූප ගැනීම තහනම් කර තිබූ බවත් එබැවින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් එය පිටවූයේ කවර තැනැත්තෙකු මාර්ගයෙන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරන බවත්ය.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...