32 C
Colombo
Tuesday, May 7, 2024

ගායන ශිල්පිනි අභිෂේකා විමලවීර ලියූ සංවේදී සටහන

- Advertisement -

ජීවිතේ වැඩියෙන්ම දැනුණු ඇගිලිතුඩු
ආයෙමත් ඉඹින්න නොහිතෙනවානම් ඔබට ලෙඩක්…!!”

“අතින්වත් අත නොඅල්ලා”, “මතක” වගේ අපූරූ ගීතවලින් රසික ඔබව ආමන්ත්‍රණය කළ ඇය අභිෂේකා විමලවීර.. ඇගේ ගීතවලට ආදරය කරන පිරිස කොයි තරම් ද කියනවා නම් ඒ ගීත රූප රචනා යූටියුබ් හි වැඩිම වාර ගණනක් නැරඹූ වීඩියෝ බවට පත් වුණා.

අභිෂේකා පසුගිය දවසක අපූරූ සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා. මේ තියෙන්නෙ ඒ සටහන….
කොරෝනා අපිට ප්‍රේමය ඉගැන්නුවා…
ප්‍රේමය රාගයෙන් තොරයි. එහෙම කියන්නෙ නන්දා මාලිනිය. කුසුම මොටද ළංවී රොන් ගන්න බැරී ? එහෙම අහන්නෙත් සදා හරිත නන්දා මාලිනියමයි.
ගීයෙන් ගීයට මනුස්ස හිත වගේම ප්‍රේමයත් වෙනස් වෙනවා.
ජීවිතේ වැඩියෙන්ම දැනුණු ඇගිලිතුඩු ආයෙමත් ඉඹින්න නොහිතෙනවානම් ඔබට ලෙඩක්.
ඒත් ඔබ දකින දකින හැම ගැහැනියකගෙන්ම,පිරිමියෙකුගෙන්ම ඒ ඇගිලි වල පහස හොයනවානම්, හුස්ම වැටෙන හැම ප්‍රාණියෙකුගෙන්ම ප්‍රේමයේ තෙත හොයනවානම්, සමාවෙන්න, ඔබ හොයන්නෙ ප්‍රේමය නොවෙයි.

කවදාක හමුවෙන්න දැක ගන්න වේදෝ
තුන් යාමෙ මං අහනවා…
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා…

මේ මම කීව වචන.එහෙම ලියන මමම තව තැනක මෙහෙම කියනවා.

අතින්වත් අත නොඅල්ලා
අපි කොහොම බැදුනාද මන්දා
අත අරින්නේම නෑ ඒ නිසා…..

කොරෝනා අපිට ඉගැන්නුවා, සරාගීම මතක අමතක කරන්න.
අතින්වත් අත නොඅල්ලා ඉන්න.
සැනසීම පිරුණු පිරිමි පපුවක,
හැම සුවදක්ම එකතු වුණු
පුංචි ගැහැනු පපුවක සුවද
තනියම විදින්න.
ඉතින් මම මෙහෙම කියන්නම්,
ප්‍රේමය කියන්නෙ ඇබ්බැහියක්.

ලෝකෙ සැරම වයින් වලට,සරාගීම ගෑනුන්ට,සල්ලාල පිරිමින්ට උදුර ගන්න බැරි.
ජීවිතය ගැන ඇල්පෙනිත්තකවත් බලාපොරොත්තුවක් නැති මොහොතක,
එකම එක අතක් අල්ලන්න ඉවසීමෙන් බලාගෙන ඉන්න නොසන්සුන්කමක්
එකම එක දෙතොලක් දෙතොලින් අල්ල ගන්න විතරක් හුස්ම ගන්න ඉවසීමක්.

ඔව්……….
ප්‍රේමය ඉවසීමක්.
ඇබ්බැහියක්.
ප්‍රේමය කියන්නෙ ඉවසිලිවන්ත ඇබ්බැහියක්
කොරෝනා උඹ අපට ප්‍රේමය ඉගැන්නුවා!

RECENT ARTICLES - SINHALA

උමා ඔයේ වාසිය ජුලි මාසයේ දී විදුලි බිලට

ජනතා අයිතියට පත් කෙරුණු උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කෙරුණු බැවින් එහි වාසිය විදුලි...

විමල් දුක වෙලා

තමා කර්මාන්ත ඇමති ලෙස සිටියදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹීමට ගිවිසුම් අත්සන් කළ ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නට කැමැත්තෙන් සිටි...

මන්ත්‍රී ජගත්ගේ ගෙදර ලයිට් කපලා

කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...