33 C
Colombo
Sunday, May 5, 2024

ඇප තැබූ පසු ශානි මුදාහරින්න වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග

- Advertisement -

⁣ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වහාම මුදා හරින ලෙස ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මහතා අද (17) වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා හට නියෝග කළා.

අභියාචනාධිකරණය ඊයේ (16) දුන් නියෝගය අනුව අද ගම්පහ අංක දෙක මහාධිකරණයේ දී මෙම නඩුව මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබුවා.

ශානි අබේසේකර මහතාට අමතරව උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ද ඇප කොන්දේසි සපුරා තිබෙන බැවින් ඔහුවද වහාම මුදා හරින ලෙස සුගත් මෙන්ඩිස් මහතා මේ වන විට රදවා සිටින මහර බන්ධනාගාරයේ අධිකාරිවරයාටද ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍රය සහ ඇප කරුවන් මහාධිකරණ කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඉන් අනතුරුව ඇප තැම්පත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරයට දැනුම් දෙන ලෙස ද නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...