30 C
Colombo
Friday, May 3, 2024

“දැන් සැපද?” ඇසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

“දැන් සැපද?” ඇසූ පුද්ගලයෙකු ඇසූ පුද්ගලයෙකු මොරටුමුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුවේ එන්නත්කරන වැඩකටයුතුවලට බාධා කලේ යයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප ලබා නිවසට පැමිණි නගරාධිපතිවරයාට දුරකතන ඇමතුමක් දුන් පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන තෙලවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි වාර්තා වන්නේ.

මීට පෙර අවස්ථාවක බොරුපන ප්‍රදේශයේ අනවසර තාප්පයක් ඉවත් යෑමේදී නගරාධිපතිවරයා සහ සැකකරු අතර ආරවුලක්ද ඇතිවී ඇති බව පැවසෙනවා.

ඒ අනුව ඇප මත නිදහස්ව පැමිණි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට මෙම පුද්ගලයා දුරකථන ඇමතුමක් දී ‘දැන් සැපද’ ඇසූ බව පවසා නගරාධිපතිවරයා මොරටුමුල්ල පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

බොරුපන ප්‍රදේශයේ අනවසර තාප්පයක් ඉවත්කිරීමට යාමේදී ඇතිවූ උණුසුම් තත්ත්වයට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...