30 C
Colombo
Tuesday, May 7, 2024

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මත්පැන් තහනම් කෙරේ

- Advertisement -

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී සියලු වර්ගවල මත්පැන් භාවිතය තහනම් කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ සභාපති Seiko Hashimoto පැවසුවේ සුරක්ෂිත ක්‍රීඩා උළෙලක් සඳහා මහජන අවධානය දිනාගැනීම සඳහා මෙම තීරණයට එළැඹි බවයි.

සංවිධායක මණ්ඩලයේ තීරණය සමග ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ප්‍රධාන අනුග්‍රාහක සමාගමක් වන Asahi Breweries එකඟ වූ බවද සංවිධායක මණ්ඩල සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව මෙවර ඔලිම්පික් උළෙලේ තරග ඉසව් පැවැත්වෙන ඕනෑම ස්ථානයක මත්පැන් අලෙවිය සහ පානය කිරීම තහනම් වනු ඇති.

මත්පැන් භාවිතය මගින් කොරෝනා වෛරසය පැතිරීමට හේතුවන සමාජ දුරස්ථභාවය අවම වීම, තැබෑරුම් හා අවන්හල්වල එක්රැස්වීම වැනි තත්ත්වයන් දිරිගැන්වන බවට සෞඛ්‍ය විශේෂඥයින් කරන ලද අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගෙන මේ වන විටත් ටෝකියෝ සහ ඒ අවට මත්පැන් අලෙවිය සීමා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

මහ බැංකුවේ අරමුණ ලාබ ලැබිම ම නෙමෙයි -නන්දලාල් වීරසිංහ

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත් මහ බැංකුව, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...