28 C
Colombo
Sunday, May 5, 2024

නව මුදල් ඇමති බැසිල් – දිවුරුම්දීම 6 වනදා

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණෙන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිතවන අතර එයින් පුරප්පාඩුවන මන්ත්‍රී ධූරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 6 වනදා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ඇති.

ඉන්අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මුදල් කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.

මේ වන විට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වන අතර ඔහුගෙන් මුදල් අමාත්‍යාංශය ඉවත් කළ පසුව අග්‍රාමාත්‍යවරයා හට ඉතිරිවන්නේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධූරය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ධූරයයි.

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය සහිත ද්විත්ව පුරවැසියෙක්වන අතර මීට පෙර පැවති ප්‍රතිපාදන අනුව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමට හැකියාවක් තිබුණේ නැහැ.

කෙසේ වෙතත් 19 වන ව්‍යාවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වන ව්‍යාවස්ථා සංශෝධනය රැගෙන ආ පසුව ද්විත්ව පුරවැසියන්ටද මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමේ ප්‍රතිපාදන තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට පළමු ද්විත්ව පුරවැසි මුදල් අමත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉතිහාසගතවනු ඇති.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...