31 C
Colombo
Saturday, May 18, 2024

ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ඔලිම්පික් වරම් ලබයි

- Advertisement -

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන සමත්ව තිබෙනවා.

නිලූක කරුණාරත්න(බැඩ්මින්ටන්), ටෙහානි එගොඩවෙල(වෙඩි තැබීම), මැතිල්ඩා කාර්ල්සන්(අසුන් හැසිරවීම) සහ මිල්කා ගිහානි (ජිම්නාස්ටික්) ට පසු මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ පස්වැනි ක්‍රීඩකයා වන්නේ චාමර නුවන්.

ඔහු ඔලිම්පික් උළෙලකට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි.

ඔහු 2016 රියෝ ඔලිම්පික් උළෙල දී කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේ අවුරුදු 120ක ඉතිහාසය තුළ එම ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වෙමින්.

එම ඔලිම්පික් උළෙලේ දී අවසන් 16 දෙනා අතර⁣ට පිවිසීමට ද චාමරට හැකි වුණා.

ඔහු නිමා වූ 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ජූඩෝ ඉසව්වෙහි රන් පදක්කමක් දිනා ගත්තා.


චාමර නුවන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් ස්ලෝවැකියාහිදී විශේෂ පුහුණුවකට ද සහභාගී වුණා.

RECENT ARTICLES - SINHALA

ප්‍රසිද්ධියේ සමාව ගන්න.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා...

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල අඩු කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...