28 C
Colombo
Saturday, May 4, 2024

MSC මෙසීනා නැවේ ගින්නෙන් මෙරට සාගර කලාපයට බලපෑමක් නෑ

- Advertisement -

කිරින්ද මහා රාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ අදාළ නෞකාවේ එන්ජින් කාමරයේ එම ගින්න හටගෙන ඇති බවට වාර්තාවී ඇති බවය.

ඒ අනුව අදාළ නෞකාව අසලින් ගමන්ගන්නා නෞකාවලට මේ පිළිබඳව දැනුම් දී ගින්න නිවීම සඳහා සහයෝගය ඉල්ලා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

කෙසේ වෙතත්, එම්.එස්.සී. මෙසීනා නෞකාවෙන් මෙරට සාගර කලාපයට බලපෑමක් නොවනු ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නිතිඥ දර්ශනී ලහඳපුර පවසනවා.

එම්.එස්.සී. මෙසීනා නමැති අදාළ නෞකාව පෙරේදා (24) රාත්‍රියේ ගිනි ගැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 28 දෙනාගෙන් එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අනාවරණ කර තිබෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...