29 C
Colombo
Tuesday, May 7, 2024

කලින් වීරයා ගෝඨා, දැන් බැසිල් – මොනවද මේ විහිලු කතා ?

- Advertisement -

රටක් ගොඩ නැගීම එක් පුද්ගලයෙකුක කිරීමට කළ හැකි දෙයක් නොවන බවත් එය සාමූහිකව දැරිය යුතු ප්‍රයත්නයක් බවත් ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය පෙන්වා දෙන්නේ රටක ගැටළු පුද්ගලයෙකුට යම් ‘මැජික් බලයකින්’ ක්ෂණිකව විසඳිය හැකි බවට දිගින් දිගටම විශ්වාස කිරීම නතර කළ යුතු බවයි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ අද (26) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය,

“දැන් අපිට කියනවා මේ අර්බුද ඔක්කොම විසඳෙනවා. ඇයි විසඳෙන්නේ? බැසිල් රාජපක්ෂ මහත්තයා එනවා. දැන් ඔහු තමයි මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්නේ. දැන් මෙච්චරකල් අපිට කිව්වා ගෝඨාභය රාජපක්ෂ තමයි ඔක්කොම ප්‍රශ්න විසඳන්නේ කියලා. ඊට කලින් කිව්වා මහින්ද කියලා. දැන් බැසිල් හිටපු නැති එක තමයි මේ රටේ ප්‍රශ්න වලට හේතුව. එක්කෙනෙක් ෆේල් වෙනකොට එක්කෙනෙක් එලියට දානවා. දැන් මේ රටේ රාජපක්ෂවරු විතරද ඉන්නේ? කවදද තේරුම් ගන්නේ මේ ප්‍රශ්න විසඳන්න මැජික්කාරයෝ කවුරුවත් නැති බව?

මේ රට ෆේල් වෙලා තියෙන්නේ රටේ දේශපාලන අධිකාරිය විසින් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ බලව්‍යාප්තිය වෙනුවෙන් රටේ සියළු පද්ධතීන් මෙහෙයවීම නිසා. උඩින් වැටෙන පුද්ගලයෙක්ට මේක විසඳන්න බෑ කියන එක ඕනවටත් වඩා ඔප්පු වෙලා තියෙන්නේ. මේකට අවශ්‍ය වෙන්නේ සුදුසු සහ ප්‍රතිපත්තිගරුක පිරිසක්. එක පුද්ගලයෙක් නෙවෙයි.”

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...