29 C
Colombo
Saturday, May 4, 2024

සේයා දැරියගේ ඝාතකයාත් සහනයක් ඉල්ලා වැලිකඩ වහලට නගියි

- Advertisement -

මරණ දඩුවම නියමවී සිටින වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් යළිත් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ තමන්ට ලබා දී ඇති මරණ දඩුවම ජීවිතාන්ත සිර දඩුවමක් දක්වා ලිහිල් කරන ලෙස ඉල්ලමින්.

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත ආහාර වර්ජනයෙ නිරත රැඳවියන් අතර සේයා දැරිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයා ද සිටින බව වාර්තා වනවා.

ඔහු නිලධාරීන් වෙත පවසා ඇත්තේ මරණ දඬුවම නියම වී සිටින තමන්ට හිමි දඬුවම ජීවිතාන්ත සිර දඬුවමක් දක්වා ලිහිල් කළ යුතු බවයි. එම සහනය ලැබෙන තෙක් තමන් වහලය මත සිටින බවත් ඔහු පවසා තිබෙනවා.

මේ වනවිට රැඳවියන් 25 දෙනෙකුට ආසන්න රැඳවියන් පිරිසක් වහලය මත නැග සිටින බවත් ඉන් වැඩි පිරිසක් මරණ දඬුවමට ලක්ව සිටින අය බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා. ඒ අතර කතා බහට ලක්වු ප්‍රසිද්ධ නඩු තීන්දු කිහිපයකින් මරණ දඬුවම නියම වු පිරිසක් ද සිටින බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

මේ අතර, මහර බන්ධනාගාරයේ රැදවියන් පිරිසක්ද මේ වන විට ආහාර වර්ජනයක නිරතව සිටින බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...