27 C
Colombo
Monday, May 6, 2024

බැසිල් සමඟ මෛත්‍රිට හා එස්.බී.ටත් ඇමතිකම්

- Advertisement -

එළැඹෙන 6 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේත් නව කැබිනට් අමාත්‍ය ධූරයේත් බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන විට ඒ හා සමඟම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාද අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ මෙන්ම ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යධුරය යටතට කොළඹ වරාය නගරය, ආයෝජන මණ්ඩලය ඇතුළු දැනට මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක් යළි ගැසට් කිරීමට නියමිත බවද වාර්තා වනවා.

මේ අතර හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට පරිසර අමාත්‍යධුරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.

එස්.බී. දිසානායක මහතාට රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...