27 C
Colombo
Friday, May 3, 2024

තියෙනවා කිව්වට පොහොර නෑ – ඇමති ගොවීන්ගෙන් සමාව ගනියි

- Advertisement -

ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයක අමාත්‍යවරයෙකු වශයෙන් තමන් පොහොර හිඟය ගැන ගොවීන්ගෙන් සමාව අයැදින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මහ කන්නයේ සිට කාබනික පොහොර පමණක් යොදා ගැනීමේ ජනපති යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී යල කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග මෙරට පවතින බවට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශ කර තිබුණද පොහොර නොලැබීම හේතුවෙන් ගොවීන් රැසක් පීඩාවට පත්ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේ අඩු පෝෂණය සහිත ගැබිනි මව්වරුන් සඳහා සහන මලු ලබා දීමේ වැඩසටහනකට ඊයේ (27) දින හම්බන්තොට සිසිලසගම සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී සම්බන්ධ වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

කෙසේවෙතත්, පොහොර හිඟය හේතුවෙන් ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ආනයනය කිරීමට රජය තීරණය කර තිබූ නමුත්, කාබනික පොහොර සහ රසායනික පොහොර යන දෙවර්ගයම ආනයනය නොකිරීමට ඉන් පසුව තීරණය වූ අතර මෙම තත්වය හේතුවෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර අමාත්‍යවරයා,

” ඇත්තටම මේ ගොවි ජනතාවගෙන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපි කණගාටු වෙනවා. මම නම් ඇත්තටම මේ ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයේ කෙනෙක් විදියට පොහොර හිඟයට මුහුණ දී සිටින ගොවීන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. මොකද අපිට ඇත්තටම මේ කන්නයේ යම් පිරිසිකට ඒ කටයුත්ත කරන්න බැරිවෙලා තියෙන එක ගැන.

ජනාධිපතිතුමා රසායනික පොහොර ගෙන්වීම නැවැත්තුවේ මුලික අරමුණක් තිබුණා එළැඹෙන මාස් කන්නයේ ඉඳලා මේ කටයුත්ත සාර්ථක කරන්න පුළුවන් කියන අදහසින් තමයි එතුමා මේ නතර කිරීම කරේ. ඒ වෙලාවේ කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව අමාත්‍යංශය දැනුම් දුන්නේ යල කන්නයට ඇතිවෙන්න පොහොර තියෙනවා කියලා. නමුත් අවාසනාවකට එය යම් ප්‍රදේශයකට දෙන්න බැරිවුණා. ඒ ගැන තාමත් අපි කණගාටුවෙනවා. කැබනට් මණ්ඩලයේ 3 වතාවක් කතා කළා. තාමත් ඒ ගැන විසඳුමක් දෙන්න බැරි වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඒක පිළිබඳව නැවතත් කණගාටු වෙනවා.” 

RECENT ARTICLES - SINHALA

රට පුරා වෛරස් තත්ත්වයක්. නැවත මුඛ ආවරණ පලඳින ලෙසට උපදෙස්

උතුරු මැද පළාතේ ඇතුළුව රට පුරා මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගය වෛරස් තත්ත්වයක් බැවින් හැකිතාක් කණ්ඩායම් වශයෙන් එකතු වීමෙන් වළකින ලෙසත් සමූහ...

මහවැලි ඉඩම්වල කිසිම නීතිවිරෝධී ක්‍රියාවක් කරන්න දෙන්නෙ නැහැ – රාජ්‍ය අමාත්‍ය ලොහාන්

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා. රාජ්‍ය...

මොවුන් දුටුවොත් පොලිසියට කියන්න

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව තරුණයාගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා. මේ අතර අදාළ සිදුවීමෙන් පසුව මේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...