27 C
Colombo
Monday, May 6, 2024

පීසීආර් යන්ත්‍රය අක්‍රිය වුණේ මේසේ ඇදයක් නිසා නෙවෙයි – රවි කුමුදේශ්

- Advertisement -

රුපියල් කෝටි 25ක් වැය කර මෙරටට ගෙන්වු මුල්ලේරියාව රසායනාගාරයේ PCR යන්ත්‍රය නැවතත් බිඳවැටී ඇති බවත් එම යන්ත්‍රය අක්‍රියවී ඇත්තේ මේසයේ ඇඳයක් නිසා නොවන බවත් වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ නොවැම්බර් 16 දින ගුරු මැදුරේ පිහිටි මාධ්‍ය සාකච්ඡාවකදීය.

චීන තානාපති කාර්යාලය එම යන්ත්‍රය අක්‍රිය වීම සම්බන්ධයෙන් පිළිතුරු වශයෙන් කුමක් කීවත් මෙම යන්ත්‍රය ආරම්භයේ පටන්ම දෝෂ සහගත යන්ත්‍රයක් බැවින් එය ඉවත් කර අලුතින් වැඩ කළ හැකි යන්ත්‍රයක් එම රසායනාගාරයට ලබාදිය යුතු බව ඒ මහතා පැවසීය.

‘අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයම ප්‍රකාශ කරනවා මුල්ලේරියාව රසායනාගාරයේ PCR යන්ත්‍රය කැඩිලා කියලා. චීන තානාපති කාර්යාලය වරින් වර ඔවුන්ගේ සමාජ ජාලාවල සටහන් තබමින් කියනවා මේ යන්ත්‍රය කැඩිලා නෑ, යන්ත්‍රය හොඳින් වැඩ කරනවා, මේසයේ ප්‍රශ්නයක් තියෙන්නේ කියලා, මේසයේ ඇදයක් නිසා මේක වැඩ කළේ නැත්තේ කියලා. අපි විවිධ රටවල්වලින් ගෙන්වු රසායනාගාර උපකරණ අතිවිශාල ප්‍රමාණයක් භාවිතා කරනවා. අපි දැක්කෙ නෑ රසායනාගාර උපකරණයක ප්‍රශ්නයක් ඇතිවුණාම තානාපති කාර්යාලය තමන්ගෙ සමාජ මාධ්‍ය ගිණුම්වල ඒ පිළිබඳ අදහස් පළ කරනවා.

‘ මේක චීනෙට අදාළ දෙයක් නෙවෙයි සමාගම් අතර තියෙන ගැටළු වෙන්න ඕනෙ. සමාගම් තමා වගකියන්නේ, ඒ සමාගම්වලින් තමා අපි ප්‍රශ්න අහන්නෙ. නමුත් අපි අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නෙ චීන තානාපති කාර්යාලය. ‘

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...