28 C
Colombo
Wednesday, May 8, 2024

මහබැංකුවෙන් ඊයේ ඉතිහාසගත මුදල් අච්චු ගැසීමක්

- Advertisement -

මහ බැංකු ඉතිහාසයේ දිනක් තුළ වාර්තා කළ වැඩිම මුදල් ප්‍රමාණය මුද්‍රණය කිරීමට මහබැංකුව ඊයේ (28) කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත අගුලු දැමීම් සහ වෛරසය පාලනය කිරීම සඳහා වන වියදම් වැඩිවීම සහ බදු ආදායම් හැකිළීම මධ්‍යයේ ඇති වී තිබෙන අයවැය හිඟය පියවා ගැනීම වෙනුවෙන් මෙම මුදල් මුද්‍රණය කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය සතියේ රුපියල් බිලියන 23 ක් මුද්‍රණය කර ඇති මහ බැංකුව ඊයේ (28) මුද්‍රණය කරනු ලැබූ මුදල් ප්‍රමාණයේ වටිනකම රුපියල් බිලියන 208.45 ක් වේ.

නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ දරුණුතම අර්බුදය මේ වන විට පවතින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෑතකදී ප්‍රකාශ කළ අතර රාජ්‍ය අංශයේ සේවක සහ විශ්‍රාම වැටුප් ගෙවීමෙන් පසු වෙනත් වියදම් සඳහා බදු මුදල් ඉතිරි නොවන බව ප්‍රකාශ කරන ලදී.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...