33 C
Colombo
Wednesday, May 8, 2024

ඉදිරි සති 10 තුළ ඉන්දියානු ඩෙල්ටා මෙරට ප්‍රමුඛම වෛරස ප්‍රභේදය බවට පත්වෙන බවට වෛද්‍ය විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

නියමිත වේලාවට නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරි සති දහයක් තුළ ඩෙල්ටා නමින් හැඳින්වෙන ඉන්දියානු කොවිඩ්-19 ප්‍රභේදය රටේ ප්‍රමුඛතම ප්‍රභේදය වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

ඉන්දීය ප්‍රභේදය තවත් සති දහයකින් ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ විය හැකි බව මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු වෛද්‍ය විශේෂඥයින් අවධාරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (29) මාධ්‍ය හමුවේ පවසා සිටියාය.

“මේ අනුව, රට තුළ මෙවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ හා භාවිතයන් දැඩි ලෙස පිළිපැදීම අතිශයින්ම වැදගත්” යැයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

දිවයින පුරා ගමන් තහනම් ඉවත් කළ ද කොවිඩ්-19 අවදානම තවමත් අතුරුදහන් වී නොමැති බව ද ඇය මෙහිදි අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව තවමත් අවසන් තීරණයකට ඇවිත් නැහැ- මහින්ද (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බව හිටපු ජනාධිපති මහින්ද...

පාර්ලිමේන්තුවටයි කතානායකතුමාටයි නිදහසක් ලැබිලා

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

අධ්‍යාපන ඇමති සහ කොරියානු තානාපතිනිය අතර හමුවක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...