29 C
Colombo
Saturday, May 4, 2024

අපේ වැඩ බිම්වල වැඩ කරන්නේ චීන ජාතිකයන් තමයි – චීන තානාපති කාර්යාලයෙන් සුමන්තිරන්ට සැර උත්තරයක්

- Advertisement -

පාර්ලිමේන්තු මන්‍ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා උතුරු පළාතේ වැඩබිමක චීන කම්කරුවකුගේ ඡායාරූපයක් සමඟ ඔහුගේ ට්විටර් ගිණුමෙහි පළ කළ පණිවුඩයක් සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය ද ට්වීට් පණිවුඩයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

“වනක්කම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි,

2020 චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත අගය ඩොලර් 10,484 ක් වූ අතර විදේශීය ශ්‍රමිකයින්ට එවැනි දෙගුණයක් හෝ තුන් ගුණයක වැටුපක් ලැබේ. චීන සමාගම් සෑම විටම වැඩිපුරම දේශීය සේවකයින් සේවයේ යොදවයි. එසේ නොමැතිනම් ලාභයක් නොමැත.

මේ පිළිබඳව ඔබ වෙනත් රටවල් ගැන ද කරදර විය යුතුය.”

චීන තානාපති කාර්යාලය මෙම පණිවුඩය නිකුත් කර තිබුණේ සුමන්තිරන් මන්ත්‍රීවරයා උතුරු පළාතේ වැඩබිමක සේවය කරන චීන කම්කරුවකුගේ ඡායාරූපයක් පළ කර නැවත එම ඡායාරූපය සහ පණිවුඩය ඉවත් කර ගැනීමත් සමඟයි.

මීට පෙර ඔහු පළ කළ ඡායාරූපය චීන ජාතිකයකුගේ නොවන බවත් ඉදිරියේ දී උතුරු පළාතේ වැඩකරන චීන ජාතිකයන්ගේ ඡායාරූප පළ කිරීමට කටයුතු කරන බවත් සුමන්තිරන් මහතා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳ පුදුමයට පත් නොවිය යුතු බවත් චීන සමාගම් සෑමවිටම වැඩිපුර සේවයේ යොදවන්නේ දේශීය කම්කරුවන් පමණක් බවත්ය.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...