32 C
Colombo
Tuesday, May 7, 2024

පියල් නිශාන්ත නිරෝධායන නීති කඩයි

- Advertisement -

අධ්‍යාපන රාජ්‍ය ඇමති පියල් නිශාන්ත කළුතර දිස්ත්‍රික්කයේ පාසැල් සිසු සිසුවියන් ඒකරාශි කොට වියළි ආහාර බෙදාදීමේ වැඩසටහන් කිහිපක් සිදු කර ඇති බව වාර්තා වේ.

පාසල් නොමැති කාලයේ දරුවන් ගෙන්වා ගෙන ඇත්තේ රජයෙන් පාසල් දරුවන්ට ලබාදෙන රුපියල් 1000 ක් වටිනා වියළි ආහාර පාර්සල ලබාදීමටය. එහි පළමු පියවර ලෙස කළුතර දිස්ත්‍රික්කයේ වරාපිටිය කනිෂ්ඨ විද්‍යාලයේදි නොවැම්බර් 11 දා වියළි ආහාර මළු ලබාදීම උත්සවාකාරයෙන් පැවත්වා ඇත. ඔහු එහිදි පවසා ඇත්තේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ආරම්භ කර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීමේ වැඩසටහන යාවත්කාලීන කරමින් මෙම වියළි ආහාර බෙදාදීම කරන බවය.

එම ආකාරයෙන්ම මෙම සතිය පුරාම විවිධ පාසල්වල ළමුන් ඒකරාශි කරමින් අදාල පාර්සල් බෙදා දී ඇති අතර නොවැම්බර් 16 දින දී කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 9ක දරුවන් ඒකරාශි කරමින් උත්සව පවත්වා ඇත.

අප කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලීන් මහතා පැවසූවේ රජයෙන් ලබා දෙන වියළි ආහාර පාර්සල් ලබා දෙනවා යැයි මෙසේ පිරිස් එක්රැස් කිරීම දරුවන්ට අවදානම් බැවින් මේ ක්‍රියාකලාපය වහාම නැවැත්විය යුතු බවය.

RECENT ARTICLES - SINHALA

‘මන්නා රමේෂ්’ රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ඩුබායිහිදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ්ව දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ...

උමා ඔයේ වාසිය ජුලි මාසයේ දී විදුලි බිලට

ජනතා අයිතියට පත් කෙරුණු උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කෙරුණු බැවින් එහි වාසිය විදුලි...

විමල් දුක වෙලා

තමා කර්මාන්ත ඇමති ලෙස සිටියදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹීමට ගිවිසුම් අත්සන් කළ ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නට කැමැත්තෙන් සිටි...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...