32 C
Colombo
Saturday, May 4, 2024

ජොන්ස්ටන් කියන පළමු කාක් තට්ට ශානි අබේසේකර විය හැකියි

- Advertisement -

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසන පරිදි පළමු කාක් තට්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

ඒ, පෙරේදා (01) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

ශානි අබේසේකර මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට තමන්ට විදෙස් දුරකථන ඇමතුමකින්ද තහවුරු කෙරුණු බවත් ආණ්ඩුවේ අසාර්ථක බව වසා ගැනීම සඳහා නොයෙකුත් ක්‍රියාමර්ග වලට එළඹෙමින් සිටින බවයි නලින් බණ්ඩාර මහතා පවසන්නේ.

ජොන්ස්ටන් අමාත්‍යවරයා සිදුකරන තර්ජනය යොමුවන්නේ මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට හෝ ගොවි සංගම් ක්‍රියාකාරීන්ටද විය හැකි බවත් මෙම ප්‍රකාශය සුළුවෙන් නොතැකිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...