33 C
Colombo
Sunday, May 5, 2024

මහනාම ඇප ඉල්ලයි

- Advertisement -

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී සිර දඬුවම් ලබමින් සිටින, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. එච්. කේ. මහානාම මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම පිළිබඳව තීන්දුව නොවැම්බර් 25 දින ප්‍රකාශ කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දැනුම්දී ඇත.

අද නඩුව නොවැම්බර් 18 දින අධිකරණයේදී කැඳවිය.

මේ වන විට බන්ධනාගාරය තුළ කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හඳුනාගෙන ඇති බවත් තම සේවාදායකයා හෘද රෝගියෙකු වන බැවින් ඔහු, එම බන්ධනාගාරයේ තවදුරටත් රැඳී සිටියහොත් ඔහුගේ ජීවිතයට පවා අනතුරක් සිදුවීමට ඉඩකඩ පවතින බව මහානාම මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත. ඒම කාරණාව සලකා බලමින් තම සේවාදායකයා ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් මහනාම මහතාට ඇප ඉල්ලීම විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් ඇතිදැයි යන්න පිළිබඳව ප්‍රශ්නයක් ඇති බවත් රජයේ නීතිඥවරයා සිදු කළ කරුණු දැක්වීමත් සලකා බලමින් විනිසුරු මඬුල්ල ඒ පිළිබඳ තීන්දුව ලබන 25 ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කර ඇත.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...