33 C
Colombo
Monday, May 6, 2024

ඇෆ්ගනිස්තානයෙන් පළා එන සරණාගතයන් ගැන ඇමරිකාව මධ්‍යම ආසියානු රටවල් තුනක් සමඟ සාකච්ඡාවක

- Advertisement -

ඇෆ්ගනිස්තානයෙන් පළා ආ හැකි සරණාගතයන්ට තාවකාලික රැකවරණය ලබාදෙන්නැයි ඇමරිකාව මධ්‍යම ආසියානු රටවල් තුනකින් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තජිකිස්තානය, උස්බෙකිස්තානය සහ කසකස්තානය යන රටවල් සමග ඇමරිකාව මේ පිළිබද සාකච්ඡා කරමින් සිටින බවයි.

දශක දෙකකට වැඩි කාලයක් ඇෆ්ගනිස්තානයේ රැදී සිටි ඇමරිකානු හමුදාවන්ට අවශ්‍ය පරිවර්තන කටයුතු සහ වෙනත් සේවා සැපයූ ඇෆ්ගනිස්තාන ජාතිකයන් 50,000ක් පමණ සිටින බව සදහන් වේ.

ඔවුන්ට ඇමරිකාවේ රැකවරණය ලබාදීමට කටයුතු කරමින් ඇති අතර ඒ සදහා වන අත්‍යවශ්‍ය ලේඛන කටයුතු සිදුකෙරෙන තුරු එම පිරිස මෙම මධ්‍යම ආසියානු රටවල රදවා තැබීමට ඇමරිකාව බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඇමරිකානු හමුදා ඉවත්වීමට සමගාමීව ඇෆ්ගනිස්තානයේ ගැටුම් උග්‍රවී ඇති අතර කන්දහාර් ප්‍රදේශයේ දිස්ත්‍රික්ක දෙකක් තලේබාන්වරුන් විසින් අල්ලාගෙන ඇති අතර එහි සිටි ඇෆ්ගන් ජාතික හමුදා සාමාජිකයන් අසල්වැසි තජිකිස්තානයට පළාගොස් ඇතැයිද වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...