27 C
Colombo
Monday, May 6, 2024

ජනපති අසත්‍ය තොරතුරු පවසලා

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (05) දින ට්විටර් පණිවිඩයක් තබමින් සටහන් කර තිබුණේ ෆයිසර් එන්නත ලබා ගන්නා ‘පළමු දකුණු ආසියානු රට’ බවට ලංකාව පත්ව ඇති බවයි.

කෙසේ නමුත් මේ ප්‍රකාශය අසත්‍ය බව UNICEF Maldives උපුටා දක්වමින් මාධ්‍යවේදී භාරත තෙන්නකෝන් පවසනවා.

ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවිඩය (1) මෙසේය;

Gotabaya Rajapaksa▪️ “සුබ ආරංචියක් වන්නේ, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ෆයිසර් එන්නත් ලබා ගන්නා පළමු රට බවට පත්වීමයි. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා එන්නත් ලබා දීම සහතික කිරීම සඳහා මගේ රජය විසින් කරනු ලබන කාර්යයන් පිළිබඳව මම ආඩම්බර වෙමි. එන්නත්කරණය රට පුරා සිදු වේ”

නමුත්, යුනිසෙෆ් සංවිධානය විසින් 2021 මාර්තු 25 වැනිදා සිය නිල ට්විටර් ගිණුමේ ඡායාරූපද සහිතව (2) මෙසේ සදහන් කර ඇත.

UNICEF Maldives▪️ “තවත් එන්නත් පැමිණ ඇත! COVID19 එන්නත් කිරීමේ ව්‍යාපාරයට සහය දැක්වීම සඳහා COVAX පහසුකම මගින් එවන ලද ෆයිසර් එන්නත් මාත්‍රා 5,850 ක් මාලදිවයිනට ලැබී තිබේ. එන්නත සඳහා මහජන සන්නිවේදනය, සැපයුම්, සැපයුම් සහ සීතල දාම කළමනාකරණය සඳහා යුනිසෙෆ් සංවිධානය මාලදිවයිනේ රජයට සහාය වේ.”

මේ අනුව ලංකාවේ ජනාධිපතිවරයා පවසන පරිදි ෆයිසර් එන්නත ලබා ගත් ‘පළමු දකුණු ආසියානු රට’ වන්නේ ලංකාව නොවන අතර මීට පෙර අවම වශයෙන් මාලදිවයිනවත් ලංකාවට පෙර එම එන්නත ලබා ගෙන ඇති බව භාරත තෙන්නකෝන් මහතා පෙන්වා දේ.

මේ අනුව, මෙය මෙරට ජනාධිපතිවරයා නැවතත් නිසි තොරතුරක් සොයා බැලීමකින් තොරව නිකුත් කළ ට්විටර් පණිවිඩයක් බව දක්නට ලැබෙන බවත් එහෙයින් ජනාධිපතිවරයා වගකීම් විරහිතව එම අසත්‍ය පණිවිඩය මගින් ජනතාව නොමග යවා ඇති බවත් වැඩිදුරටත් ඔහු පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...