25 C
Colombo
Sunday, May 19, 2024

රිෂාඩ්ගේ නඩුවෙන් විනිසුරුවරුන් අස්වෙන බව මම දැක්කෙත් පත්තරෙන් – අලි සබ්‍රි

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් විනිසුරුවරුන් එක පෙළට ඉල්ලා අස්වීම බරපතළ ලෙස ගැටළු සහගත බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදි.

මේ ආකාරයෙන් පෙත්සම් විභාගය කල්යාම හේතුවෙන් බදූර්දීන් මහතාට දින 73ක් දැනට රැඳවුම් භාරයේ සිටින්නට සිදුව ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන ලද්දේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අලුත් ප්‍රහේලිකාවක් මතුවෙලා තිබෙනවා. අපි මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලාට කවදත් ගරු කරනවා, එතුමන්ලාගෙ හේතු තියෙන්න පුළුවන් නඩුවෙන් බැහැර වීමක් පිළිබඳව. නමුත් පෝළිමට දැන් විනිශ්චයකාරවරුන් හතර දෙනෙක් දැන් නඩුවකින් බැහැර වී තිබෙනවා. මේ පිළිබඳව යම් නිශ්චිත ක්‍රමවේදයක් අවශ්‍යයි. අඩුම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරතුමාවත් දැනුවත් විය යුතුයි විනිසුරු මඬුල්ලක් නම් කිරීමට පෙර මේ ගැන සොයාබලා මෙවැන්නක් සිදුනොවීමට කටයුතු කිරීමට. විනිසුරුවරුන් පෝළිමට ඉල්ලා අස්වෙනවා, මෙයින් අවසානයේ වෙලා තියෙන්නෙ රිෂාඩ් බදූර්දීන් මන්ත්‍රීතුමා දින 73ක් රැඳවුම් භාරයේ හිඳීමයි.

මේ විනිසුරුවරුන් ඉල්ලා අස්වීමේ හේතුව මත පමණක් ඒ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම අවස්ථා ගණනාවකදී කල්ගිහින් තියෙනවා. මෙය බරපතළ අසාධාරණයක්. මේ හරහා අනවශ්‍ය ලෙස සැකයකුත් මතුවෙනවා යම් මැදිහත් වීමක් පිළිබඳව. ඒ නිසා අගවිනිසුරුතුමාව දැනුවත් කළයුතුයි මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කිරීමට”

ඊට පිළිතුරු ලබාදුන් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා,

“මම මේක දැක්කෙත් පත්තරෙන්. මට මේ සභාවේ වෙන දේවල් දැනුම් දෙන්න විතරයි පුළුවන්, අපට වෙන බලයක් නෑ අධිකරණයට මැදිහත් වෙන්න හෝ උපදෙස් දෙන්න. කෙසේවෙතත් මෙතන ගැටළුවක් තියෙනවා, මම එකඟයි ඒ සම්බන්ධයෙන්”

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...