28.7 C
Colombo
Wednesday, May 8, 2024

මුතුරාජවෙල විනාශයට එරෙහි විරෝධතාවය නිසා මහින්ද ජයසිංහ අත්අඩංගුවට

- Advertisement -

බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ බෝපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුතුරාජවෙල තෙත් බිම විනාශ කිරීමට එරෙහිව අද මධ්‍යහ්නයේ පැවති උද්ඝෝෂණයකට සහභාගි වීම හේතුවෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ජා-ඇල, බෝපිටිය මංසන්ධියේදී ආරම්භ කෙරුණු මේ උද්ඝෝෂණයට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන ඇති බව එහි පැමිණි පොලිස් නිලඛධාරීන් දැනුම් දී තිබේ. ඉන්පසු රැස්ව සිටි පිරිස විසුරුවා හැර, හිටපු මන්ත්‍රීවරයා අදාළ ප්‍රදේශයෙන් පිටතට යමින් සිටියදී පමුණුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අදාළ ව තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙදෙනාම මේ වන විට බෝපිටිය පොලිසියේ රඳවාගෙන සිටී. නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ මේ දෙදෙනා අද පස්වරුවේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

RECENT ARTICLES - SINHALA

කෘෂිකර්මාන්තය නවීකරණයට ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී මෙම ගිවිසුමට...

සමාජ මාධ්‍යයෙන් අපහාස කළායැයි යුද හමුදාපති අධිකරණයට

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (07)...

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයෙන් අවහිර වී ඇති...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...