26 C
Colombo
Monday, May 6, 2024

බැසිල් කොටි සංවිධානය පරදවන්න තීරණාත්මක කාර්‍යයක් කළා

- Advertisement -

යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේදී ජාත්‍යන්තරය කළමනාකරණය කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේ ඉන්දියාව රටට හිතවත් තැනක නතර කිරීමට කටයුතු කළේ බැසිල් රාජපක්ෂ මහතා බවත් යුද්ධය පැවති සමයේ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා, එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් හමුවේ සාකච්ඡා පවත්වා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සියලු සබඳතා සම්බන්ධීකරණය කළ බවත් මන්ත්‍රීවරයා පවසනවා.

එමෙන්ම, යුරෝපා සංගමයද රටට හිතවත් තැනක රඳවා තබන්නට නායකත්වය ලබාදුන්නේද බැසිල් රාජපක්ෂ මහතා බවත් රතු කුරුස සංවිධානය ඇතුළු සියලු සංවිධානද රටට හිතවත් තැනක නතර කර ගැනීමට කටයුතු කළේද බැසිල් රාජපක්ෂ මහතා බවත් ඔහු තවදුරටත් පවසනවා.

එයාකාරයෙන් කොටි සංවිධානය පරදවා රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයේදී බැසිල් රාජපක්ෂ මහතා තීරණාත්මක කාර්යභාරයක් සිදුකළ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...