29 C
Colombo
Saturday, May 4, 2024

ආනයන තහනම ගැන යුරෝපා සංගමයෙන් රතු එළියක්

- Advertisement -

ශ්‍රී ලංකාව ආනායන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියමයන්ට අනුකූල නොවන බවත් ආනයන තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපයේ ව්‍යාපාර වලට සෘණාත්මක බලපෑමක් ඇති වී බවත මෙරට සිටින යුරෝපා සංගම් දූත මණ්ඩල සාමාජිකයින් නිවේදනයක් නිකුත් කරමින් පවසි ඇත.

කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත සහ රුමේනියානු තානාපති කාර්යාල එක්ව එම නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වී ඇත්තේ 2018/19 කාලය තුළදී යුරෝපය හා ගනුදෙනු කිරීමෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 220ක ධනාත්මක වෙළෙඳ ශේෂයක් ලබා ඇති බවත් වෙළෙඳාම යනු එක දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවත්ය.

මෙම තත්ත්වය නිසා අමුද්‍රව්‍ය සහ යන්ත්‍රසූත්‍ර ආනයනයට බාධා මතුවීම තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ද අහිතකර බලපෑමක් එල්ලවන බව ඔවුන් පවසයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

මෙය ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල සමඟ එක්ව කරනු ලැබූ නිවේදනයකි.

පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ ඇති අභියෝග ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, යුරෝපා සංගමය හා එහි සාමාජික රටවල් නියෝජනය කරන තානාපතිවරුන් අංශ අවස්ථා ගණනාවනක දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඉහළ පෙළේ පාර්ශිව රැසක් හමුවිය. යුරෝපා සංගමය, දිගු ලාකයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මිතුරෙකු බවත් ගෙවුණු වසර 25ක කාලය පුරාවට යුරෝ බිලියනයකට වැඩි ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පුදානය කර ඇති බවත් එහිදී අවධාරණය කෙරිණි. ඊට අමතරව යුරෝපා සංගමයේ සාමාජික රටවල් ද්විපාර්ශ්වික මට්ටමින් ද ශ්‍රී ලංකාවට විවිධ ආධාර ලබා දී තිබේ.

එම සැලකිය යුතු සංවර්ධන සහයෝගයට අමතව ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා ද සුවිශේෂී සහයෝගයක් ලබාදීමට යුරෝපා සංගමය ක්‍රියාකාර ඇත. ප්‍රධාන වශයෙන් GSP plus පහසුකම හේතුකොටගෙන තීරු බදු සහ කෝටා ගාස්තු නොමැතිව යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. මෙය ශ්‍රී ලංකාව මානව හිමිකම්, ශ්‍රමය, පරිසරය, දේශගුණ විපර්යාස හා යමපාලනය සම්බන්ධයෙන් අන්තර්ජාතික සම්මුතීන් 27ක් අඛණ්ඩව පවත්වාගෙන යෑම පාදක කරගැනීමෙන් අත්කරගත් පහසුකමකි. මෙවැනි ඒකපාර්ශවික වෙළෙඳ වාසි නිසා ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජාත්‍යන්තර අපනයන වෙලෙඳපොළ බවට ද යුරෝපා සංගමය පත්ව සිටී. 2018 සහ 2019 යන වර්ෂ දෙකෙහිදීම යුරෝපය හා ගනුදෙනු කිරීමෙන් යුරෝ බිලියනයකට (රු. බිලියන 220කට) වැඩි ධනාත්මක වෙළෙඳ ශේෂයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවීම ඒ බව මැනවින් තහවුරු කරයි.

කෙසේ නමුත් වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවේ. වර්තමානයේ දී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජනය වෙත ද සෘණාත්මක බලපෑමක් සිදුව තිබේ. කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අරමුණු සාක්ෂාත් කරගැනීමට ද එය බාධාවකි. එමෙන්ම අමුද්‍රව්‍ය හා යන්ත්‍රසූත්‍ර ආනයනයට බාධා මතුවීම තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ද අහිතකර බලපෑමක් එල්ල වේ. තවද දිගින් දිගටම ආනයන සීමා පැනවීම, ලෝක වෙළෙඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූල නොවන බව ද මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමු.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට සහාය දැක්වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ද අවධානයට යොමුව තිබේ. ශ්‍රී ලංකාවේ විවිධ ජනවර්ග අගර සංහිඳියාව, සාධාරණත්වය හා සාමකාමී පැවැත්ම උදෙසා අඛණ්ඩව කැපවෙන බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබේ. ඒ බව යුරෝපා සංගමය වෙත ද ශ්‍රී ලංකාව තහවුරු කර ඇත. රජය ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමට ද යුරෝපා සංගමය නිරතුරුව සූදානමින් සිටී. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍ය හා ක්‍රියාශීලී සිවිල් සමාජයක් පවත්වා ගැනීම එහිලා අත්‍යාවශ්‍ය වේ.

අවසාන වශයෙන්, තවදුරටත් ජාත්‍යන්තර බැඳියාවන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අපි මෙසේ නිවේදනය කරන්නෙමු.





RECENT ARTICLES - SINHALA

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...