32 C
Colombo
Sunday, May 5, 2024

එංගලන්තය හඬවා ඉතාලියානුවෝ යූරෝ කුසලානය රැගෙන යති

- Advertisement -

යූරෝ කුසලාන අවසාන මහා තරඟය වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ සත්කාරක එංගලන්තය හා ඉතාලිය අතරයි.

ඉතාලිය ප්‍රධාන පෙලේ පාපන්දු තරගාවලියක අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ 10 (ලෝක කුසලාන 6 / යූරෝ කුසලාන 4) වන අවස්ථාව මෙයයි.

1968 දී යූරෝ කුසලානය දිනූ ඉතාලිය 2000 (ජර්මනිය හමුවේ) හා 2012 (ස්පාඤ්ඤය හමුවේ) අවසන් මහා තරඟ පරාජයට පත් වුණා.

එංගලන්තය යූරෝ කුසලාන අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබුවේ පළමු වරටයි.

එමෙන්ම 1966 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ජයගැනීමෙන් අනතුරුව එංගලන්තය ප්‍රධාන පෙලේ පාපන්දු තරඟාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ වසර 55කට පසුව පළමු වරටයි.

ඉරිදා උදෑසන සිටම ප්‍රේක්ෂකයන් වෙම්බ්ලි ක්‍රීඩාංගනයට රැස්ව සිටි අතර තරගය ආරම්භක මොහොත වන විට ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගොස් තිබුණා.

55 වසරකට පසු පාපන්දු අවසන් මහා තරඟයකට තම රට සුදුසුකම් ලැ⁣බූ අවස්ථාවේ එය නැරඹීමට නොහැකිවීමෙන් ඉච්ඡාභංගත්වයට පත් ක්‍රීඩාංගනයෙන් පිටත රැස්ව සිටි දස දහස් ගණක් වූ ප්‍රේක්ෂකයන් කලහකාරී ලෙස හැසිරෙන ආකාරයත් දක්නට ලැබුණා.

තරඟය ආරම්භ වී දෙවැනි මිනිත්තුවේදීම(1:52) සමස්ත එංගලන්තයම අමන්දානන්දයට පත්කරමින් Luke Shaw ගෝලයක් ලබා ගත්තා.

එය ඔහුගේ පළමු ජාත්‍යන්තර ගෝලය වීමද විශේෂත්වයක්.

එ අනුව පළමු අර්ධය නිමාවන විට එංගලන්තය 1-0 ක් ලෙස පෙරමුණේ පසුවුණා.

තරඟයේ පුරාම පැතිරුණු එංගලන්ත ආධිපත්‍යයට Leonardo Bonucci අභියෝග කළේ 67 වන මිනිත්තුවේදීයි.

Marco Verratti හිසින් ලබා ගැනීමට උත්සාහ කළ ගෝලය වැලැක්වීමට එංගලන්ත දැල් රකින්නා, Jordan Pickford අති දක්ෂ වුවද ඔහුගේ දෑත්වල වැදී ඉදිරියට පැමිණි පන්දුව තාක්ෂණය, වේගය මෙන්ම උපක්‍රමශීලීත්වයත් සුසංයෝග කරමින් අසුරු සැනෙකින් යලි දැල තුලටම රිංගවීමට Bonuncci සමත් වුණේ ඔබ තවමත් ජයග්‍රාහකයන් නොවේ යැයි සමස්ත එංගලන්තයටම ඉඟි කරමින්.

ඒ අනුව දෙපිළටම විවෘත වු තරඟය තුළ යළි ගෝලයක් ලබා ගැනීමේ පහසු අවස්ථාවක් Domenico Berardi අතින් අවාසනාවන්ත අයුරින් ගිලිහී ගියා.

එලෙස දෙපිළටම විවෘත වූ තරඟයේ නියමිත කාලය අවසන් වූයේ 1-1ක් ලෙස යූරෝ කුසලානය දෝතින් දැරීමට නිශ්චිත ජයග්‍රාහකයෙක් නොමැතිවයි.

ජයග්‍රාහකයා සොයා තවත් මිනිත්තු 30ක අමතර කාලයක් තරඟය පැවැත්වුණා.

නමුත් ජයග්‍රාහකයෙක් තෝරා ගැනීමට එම කාලයද ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ අනුව දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා නිර්ණය කිරීමේ අවස්ථාව එළැඹුණා.

පළමු අවස්ථාව ඉතාලියට හිමිවූ අතර එය සාර්ථක කරගත් Domenico Berardiට සාර්ථකව ප්‍රති අභියෝග කල එංගලන්ත නායක Harry Kane සිය උත්සාහයද සාර්ථක කරගත්තා.

Andrea Belottiගේ උත්සාහය ව්‍යර්ථ වෙද්දී Harry Maguire එංගලන්ත බලාපොරොත්තු දැල්වූයේ පන්දුව සාර්ථකව දැල තුලට යොමු කරමින්.
Leonardo Bonucci සහ Federico Bernardeschi තෙවන සහ සිව්වන අවස්ථා දෙකම සාර්ථක කරගත්තේ තරඟයේ වැඩි ගෞරව ඉතාලියට අත්කර දෙමින්.

නමුත් Marcus Rashford හා Jadon Sanchoට තම උත්සාහයන් ගෝල බවට පරිවර්තනය කරගැනීමට හැකි වූයේ නැහැ.

පස්වන දඬුවම් පහර සාර්ථක කරගැනීමට Jorginhoට නොහැකි වුණේ පරාජය නොවී සිටීමට එංගලන්තයට තවත් අවස්ථාවක් ඉතිරි කරමින්.

ඒ අනුව රටක් සහ ජාතියක් පිළිබඳ එම වගකීම උරමත දරාගත් පාපහරකින් නිවැරැදි කෝණයෙන් පන්දුව දැල තුලට යොමු කිරීම දහනව හැවිරිදි Bukayo Sakaට පැවරුණා.

ඔහුගේ පා පහරින් නික්මුණු පන්දුවත් සමග යූරෝ කුසලානයත් සුරැකිව ඩැහැ ගැනීමට ඉතාලි දැල් රකින Donnarumma සමත් වුණේ සමස්ත එංගලන්තයම හඬවමින්.

ඒ අනුව දඬුවම් පහර 3-2ක් ලෙස යූරෝ කුසලානයේ පහස දෙවන වරටත් විඳගැනීමට ඉතාලිය සමත් වුණා.

ඒ 1968 ජයග්‍රහණයෙන් වසර 53කට පසුවයි.

එමෙන්ම මෙය ඉතාලියේ හයවන (ලෝක කුසලාන 4 – යූරෝ කුසලාන 2) ප්‍රධාන පෙලේ පාපන්දු තරඟාවලි ජයයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...