29 C
Colombo
Saturday, May 4, 2024

“චැපර්“ නැමැති තවත් භයානක වෛරසයක්

- Advertisement -

2014 – 2016 කාලසීමාවේදී අප්‍රිකාවට දැඩි බලපෑමක් එල්ල කළ ඉබෝලා වෛරසයට සමාන මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “චැපර්“ නැමැති තවත් භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බොලිවියාවේ අගනගරය වන ලා පාස්හි වෙසෙන සෞඛ්‍ය නිලධාරීන් තුන්දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී තිබියදී හදුනාගෙන ඇත. එම සෞඛ්‍ය සේවකයන්ගෙන් දෙදෙනෙකු වෛරසයේ බලපෑම නිසා මේ වන විට මිය ගොස් ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෛරසය ආසාදනය වු පසු උණ, ආසාමන්‍ය ලෙස ඇඟපත වේදනාව, වමනය, ලේ වහනය වීම, සමේ ආසාදන, ඇසෙහි ඇතුළත වේදනාවක් ඇති වීම සහ වෛරසය එකිනෙකා අතර ව්‍යාප්ත වන බවද හදුනාගෙන ඇත. මෙම නව වෛරසයේ බලපෑමෙන් පුද්ගලයින් මියයාමේ දැඩි අවදානමක් පවතින බවත් අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

මීයන් වැනි සතුන්ගෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බවට විශ්වාස කරන බවත් 2004 වසරේදීද බොලිවියාවේ චපාරේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන අතර ඉන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...