32 C
Colombo
Saturday, May 4, 2024

සහරාන්ගේ බිරිඳ ඉන්න තැන දන්වා ඇගේ ආරක්ෂාව තහවුරු කරන්න යැයි මානව හිමිකම් කොමිසම ඉල්ලයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පවසමින් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මාරුකර යවා ඇති පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකකරු සහරාන් හෂීම්ගේ බිරිඳ මේ වන විට සිටින්නේ කොහේදැයි දැනුම් දී ඇගේ ආරක්ෂාව සහතික කිරීමට වහාම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමිසම් ජනරාල්ට නිර්දේශ කර යවා ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතාට අදාල ලිපිය යවා ඇත්තේ නොවැම්බර් 10 වන දිනය.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිලිබඳ විභාග කරන ජනාධිපති කොමිසම හමුවේ සාදියා මහත්මිය සාක්ෂි දීමෙන් අනතුරුව ඇගේ ජීවිතය අවදානමේ පවතින බවට පැමිණිලි ගණනාවක් පසුගිය පැය 48 තුල කොමිසමට ලැබී ඇති බව ලිපියේ සදහන් වන අතර සහරාන්ගේ නායකත්වයෙන් යුත් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයට මුදල් ලැබුණු ආකාරය සම්බන්ධ මෙතෙක් හෙළි නොවූ තොරතුරු සාදියා ෆාතිමා පාස්කු බෝම්බ කොමිසම හමුවේ අනාවරණය කළ බව ජනමාධ්‍ය ආයතන කිහිපයක්ම වාර්තා කර තිබුණු බවත් එහි සදහන් වි ඇත.

ෆාතිමා සාදියා මහත්මිය මේ වන විට ඉන්නා තැනක් පිලිබඳ තොරතුරු නැතිවීම කෙරෙහිද මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුවී ඇති අතර ඇය ඉන්නේ කොහේ දැයි කොමිසම වෙත දන්වන්න යැයිද අදාල ලිපියේ සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...