27 C
Colombo
Monday, May 6, 2024

බිහිසුණු ගංවතුරෙන් ලන්ඩනය මුළුමනින්ම යට වෙයි

- Advertisement -

අධික වර්ෂාව හේතුවෙන් බ්‍රිතාන්‍යයේ අගනුවර මාර්ගයන් මුළුමනින්ම ජලයෙන් යට වීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් වූ බව වාර්තා වේ.

මිනිත්තු 90 ක් වැනි කෙටි කාලයකදී අගනුවරට අඟල් තුනකට ආසන්න වර්ෂාවක් ඇද හැලීමෙන් පසු වීදි රැසක් ජලයෙන් යට විය.

ලෝක ප්‍රසිද්ධ නොටින්හිල් හි පෝටෝබෙලෝ වීදිය ගංවතුරින් යට වී තිබුණි.

දකුණු ලන්ඩනයේ රේන්ස් පාක්හි ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගමන් බිමන් අවහිර විය.

නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ද ජලයෙන් යට වී තිබිණි.

ඇතැම් ස්ථානයන් හි වාහන අඩි දෙකක් පමණ ගැඹුරු ජලයේ අතහැර දමා තිබෙන ආකාරය ද දැකගත හැකි විය.

ලන්ඩනයේ වීදි රැසක් ගංවතුරෙන් යට වීම හේතුවෙන් මාර්ග රැසක් වසා දැමීමට ද කටයුතු කර තිබේ.

නිවාස රැසකට දැඩි අලාභහානි සිදුවී ඇති අතර හදිසි සේවා රැසක් එම ප්‍රදේශවල ක්‍රියාත්මක කර තිබේ.

දැඩි වර්ෂාපතනයත් සමඟ ලන්ඩන් හදිසි ඇමතුම් සේවයට ඇමතුම් දහසකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි පැවසේ.

දුම්රිය හා භූගත දුම්රිය ස්ථාන කිහිපයක් වසා දැමීමට ද කටයුතු කර ඇත.

නගරයේ විශාලතම ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන යූස්ටන් සහ හැම්ප්ස්ටඩ් දුම්රිය ස්ථානය ද තද වැසි හේතුවෙන් වසා දමන ලදී.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...