29 C
Colombo
Saturday, May 4, 2024

ඇමරිකාව චීනයේ ෂින්ජියැන්ග් කලාප‍යෙන් භාණ්ඩ ආනයනය තහනම් කරයි

- Advertisement -

චීනයේ ෂින්ජියැන්ග් කලාපයෙන් නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කිරීම සඳහා එක්සත් ජනපද සෙනෙට් සභාව අද (15) නීති සම්මත කරගෙන තිබෙනවා.

මෙම භාණ්ඩ තහනම සිදු කර ඇත්තේ උයිගර් වැසියන්ට සහ අනෙකුත් මුස්ලිම් කණ්ඩායම්වලට එරෙහිව චීනය සිදුකරනු ලබන අඛණ්ඩ ජන සංහාරය පිළිබඳ එක්සත් ජනපදය විසින් බීජිං වෙත කෙරෙන විරෝධතාවක් වශයෙන්.

සෙනෙට් සභාව විසින් මෙසේ සම්මත කර ගනු ලැබුවේ උයිගර් බලහත්කාර කම්කරු වැළැක්වීමේ පනතයි.

එමඟින් සින්ජියැන් හි නිෂ්පාදිත භාණ්ඩ බලහත්කාර ශ්‍රමයෙන් සාදන ලදැයි උපකල්පනය කරමින් තහනම් කිරීමට හැකියාව ලැබෙනවා.

බලහත්කාරයෙන් වැඩ කිරීම පිළිබඳ සාධාරණ සාක්ෂි තිබේ නම් වර්තමාන රීතිය යටතේ භාණ්ඩ තහනම් කිරීමට හැකියි.

මෙම පනත ජනාධිපති ජෝ බයිඩන් විසින් අත්සන් කිරීම සඳහා ධවල මන්දිරයට යැවීමට පෙර නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ද සම්මත කළ යුතු බව පැවසෙනවා.

ඒ සඳහා නිශ්චිත දිනයක් තවම තීරණය වී නොමැති බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...