33 C
Colombo
Monday, May 6, 2024

ලිංගික අධ්‍යාපනය නතර කළ චීවරධාරීන් ළමා අපයෝජන වල වගකීම ගත යුතුයි

- Advertisement -

ළමා ආපයෝජන ප්‍රවෘත්ති වලින් පවා වින්දනයක් ලබන සමාජයක් බිහිව ඇති බව වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය පවසනවා.

මේ බව සඳහන් කළේ යූටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාවකදීයි.

ඇතැම් ජනමාධ්‍ය ආයතනද මෙම ඛේදවාචකයේ සැබෑ තතු හෙළි නොකොට මෙයින් ‘කුණු රසයක්’ මතු කරමින් සිටින බවයි ඇය පෙන්වා දෙන්නේ.

එමෙන්ම, කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස්වලට කොටු වී සිටින පුරුෂයින්ගේ මානසික ආතතිය වෙනුවෙන් සිදුකළ හැකි දෑ විශාල වශයෙන් පවතිද්දී ඒ වෙනුවෙන් ළමයින් භාවිතා කිරීම බරපතල ඛේදවාචකයක් බවත් ඇය පෙන්වා දෙනවා.

මානසික ආතතිය වෙනුවෙන් ළමුන් භාවිතා කිරීම සාධාරණීකරණය කරන අයුරු දැකිය හැකි බවත් කුඩා දරුවන් ලිංගික කාර්යයන් සඳහා භාවිතා කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි අපරාධයක් බවත් වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය අවධාරනය කර සිටිනවා.

පහළ‍ොස් හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියට ප්‍රභූන්, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන්, භික්ෂූන් පවා සම්බන්ධ වී ඇති බවත් මීට වසර දෙකකට පමණ ඉහතදී ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම උදෙසා හඳුන්වා දුන් ‘හතේ අපේ පොත’ට එරෙහිව භික්ෂූන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් කඩාකප්පල් වූ නමුත් ළමා අපයෝජනවල සැකකරුවන් ලෙස භික්ෂූන් ද අත්අඩංගුවට පත්ව ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

වත්මන් වැඩිහිටියන් කුඩාකාලයේදී නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීමේ අනිටු ප්‍රතිඵල මේ වන විට දැකගැනීමට ලැබීමට හැකි බවත් වත්මන් පරපුරට එම දැනුම ලබා දී පරිපූර්ණ, බලාත්මක දරුවෙකු බවට පත්කළ යුතු බවත් ඇය පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...