26 C
Colombo
Monday, May 6, 2024

පරාක්‍රමභාහුට පස්සෙ වැඩිම අස්වැන්නක් ගත්තෙ මගේ කාලෙ – SB

- Advertisement -
  • “පරාක්‍රමභාහුට පස්සෙ වැඩිම අස්වැන්නක් ගත්තෙ මගේ කාලෙ”
  • “මම පාර්ලිමේන්තුවේ පස්සට වෙලා, අල වවාගෙන සතුටින් ඉන්නවා’
  • “මට කරපු වැඩේ වැරදියි, මම පන්සල් යනවා”
  • “අධ්‍යාපන අමාත්‍යංශය ලැබුනොත් ගන්නවා”

අධ්‍යාපන අමාත්‍යංශය තමන් හට ලබා දීමට කටයුතු කළහොත් එය භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසනවා.

ඒ අද (16) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් අධ්‍යාපන අමාත්‍යංශය ඔහුට ලබාදෙන බවට පවතින කටකතාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේදීයි.

කෙසේ නමුත් තමන් ඒ පිළිබඳව නිශ්චිතව නොදන්නා බවත් තමන් එය අපේක්ෂාවෙන් නොසිට සරල ආකාරයෙන් ජීවිතය ගත කරන බවත් ඔහු පවසනවා.

තමන් පාර්ලිමේන්තුවේ සිටින සියල්ලන්ටම වඩා ජ්‍යේෂ්ඨයෙක් වුවද පාර්ලිමේන්තුව පිටුපසට වී යම් කළකිරීමකින් සිටින බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම තමන්ගේ අර්තාපල් වගාව අක්කර 20ක් පමණ වන බවත් තමන් නිතිපතා පන්සල් යන බවත් ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියා.

තමන් භාරගත් සියළුම අමාත්‍යංශ වාර්තා තබා ඇති බවත් විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මහා පරාක්‍රමභාහු රජුට පසුව වැඩිම අස්වැන්නක් ගනිමින් වාර්තාවක් පිහිටවූ බවත් ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...