25 C
Colombo
Thursday, May 9, 2024

මෙරටට එන්නත් දුන් මංගලගේ මිතුරිය

- Advertisement -

ඇමෙරිකාව විසින් පරිත්‍යාග කරනු ලදුව ශ්‍රී ලංකාවට ලැබෙන මොඩෙර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානයක් ඊයේ (16) මෙරටට ළඟා විය.

ඉතා ඉහළ ඵලදායීතාවක් සහිත මොඩෙර්නා එන්නත් තොගය කෝවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවිය.

එමෙන්ම, ඇමෙරිකානු ආධාර වැඩසටහන යටතේ මෙරටට ටොන් 11ක වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයක් ලද අතර එහි රැපිඩ් ඇන්ටිජන් කට්ටල වැඩි වශයෙන් පැවති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් USAID හි පරිපාලන ප්‍රධානී සමන්තා පවර් හට ස්තූතිවන්ත වෙමින් හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටින්නේ මෙය ශ්‍රී ලංකාවට මෙවැනි පරිත්‍යාගයක් අවැසිම මොහොතක් බවයි. එමෙන්ම මෙරට ඇමරිකානු තානාපතිනියහටත්, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් හටත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ස්තූති කර සිටියා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමෙරිකානු නිත්‍ය නියෝජිතවරියක වන සමන්තා පවර් මහත්මිය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ (යු.එස්.එයිඩ්/යු.එස්.ඒ.අයි.ඩී) හී ප්‍රධානියා ලෙස පත් කිරීමට එරට නව ජනපති ජෝ බයිඩන් පසුගිය ජනවාරි මාසයේදී කටයුතු කළා.

ලොවපුරා තිබෙන අර්බුදවලට තිබෙන විසඳුම් සෙවීමේදී ඇයට තිබෙන ජාත්‍යන්තර අත්දැකීම් ඉතා ඉහළ බවයි ඇය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ.

හිටපු විදේශ අමාත්‍යවරයකු සහ මුදල් අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතා සමඟ ඇයට ඇත්තේ ඉතාමත් සමීප සබඳතාවයක්.

ඔහුගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් කොළඹදී 2019 වසරේ පැවැති උත්සවයේ මුඛ්‍ය දේශනය පැවැත්වූයේ ද සමන්තා පවර් මහත්මියයි.

තමන් ඉතාමත් කාර්‍යබහුල අවස්ථාවක වුවද ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත ගෙන්වාගත හැකි එකම පුද්ගලයා මංගල සමරවීර බව එහිදී ඇය ප්‍රකාශ කර සිටියා. ඇයගේ එම ප්‍රකාශය පහතින්,

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව පැවසෙන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක්...

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...