25 C
Colombo
Thursday, May 9, 2024

පකිස්තානයේ පුද්ගල පැහැරගෙනයාම් සහ අතුරුදන්වීම් ඉහළට

- Advertisement -

උතුරු පකිස්තානයේ බලුකිස්තාන ආශ්‍රිත පුද්ගල පැහැරගෙනයාම් සහ අතුරුදන්වීම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

බලුකිස්තාන අතුරුදන්වූවන්ගේ කොමිසම උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ 2011 ජූනි සිට 2021 ජූනි දක්වා වන දශකයක කාලය තුළ පුද්ගලයන් 1482ක් පමණ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවයි.

ඉන් 956 දෙනෙකු පසුව සොයාගෙන ඇති අතර 31 දෙනෙකුගේ මළසිරුරු හමුව ඇතැයි සදහන් වේ.

එරට මාධ්‍ය වාර්තා කළේ, 11 දෙනෙකු සිරගත කර තිබියදී සොයාගෙන ඇති බවයි.

කෙසේවෙතත් පැහැරගෙන ගිය පුද්ගලයන් අතරින් 334 දෙනෙකු පිළිබද මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව පකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මෙම පැහැරගෙනයාම් සදහා පකිස්තාන රජය සහ ආරක්ෂක අංශ වගකිවයුතු බව බලුකිස්තාන අතුරුදන්වූවන් පිළිබද කටයුතු කරන ක්‍රියාකාරී පවසති.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...