25 C
Colombo
Tuesday, May 14, 2024

LNG බලාගාරය දුන්නෙ ඇමරිකාවට නෙවෙයි, ඇමරිකානු සමාගමකට

- Advertisement -

නොරොච්චෝලේ LNG බලාගාරය ඇමරිකාවට දීමක් සිදු නොවී ඇති බවත් දී ඇත්තේ ඇමරිකානු සමාගමකට බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

පසුගිය සමයේදී දැඩි ඇමරිකානු විරෝධයක් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා නොරොච්චෝලේ LNG බලාගාරය ඇමරිකාවට ලබාදීම සම්බන්ධව දරන මතය පිළිබඳව පෙරේදා (16) දොඩම්ගස්ලන්ද, කහටගහ පතලේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඇමරිකාවට දීමක් නෙවෙයි එතන තියෙන්නෙ ඇමරිකානු සමාගමකට දීමක්. ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නෙ මුදල් අමාත්‍යාංශය සතුව තිබිච්ච කොටස් ප්‍රමාණය විතරයි එතෙන්දී දීලා තියෙන්නෙ. ඒ ඇරෙන්න විදුලිබල මණ්ඩලය සතු කොටස් හෝ අනෙකුත් කොටස් කිසිම ආකාරයකින් ඒ සමාගමට දීලා නෑ.

රට මුහුණ දීලා තිබෙන විදේශ විනිමය අර්බුදයත් එක්ක තමයි ඒ ඇතැම් පියවර ගැනීමට සිදුවී තිබෙන්නෙ. ඒක තමයි ඒ පියවර සාධාරණීකරණය කිරීම සඳහා ජනාධිපතිතුමන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කාරණය වුණේ”


RECENT ARTICLES - SINHALA

ෆෝන් චාර්ජරයක් පස් හැවිරිදි දැරියකට මරු කැඳවයි

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර...

වතු හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම් – ජීවන් තොන්ඩමන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල...

T20 ලෝක කුසලානයට යන කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...