33 C
Colombo
Sunday, May 5, 2024

පකිස්තානයේ චීන ව්‍යාපෘතිවල ආරක්ෂාව තර කරන්නැයි විශේෂ ඉල්ලීමක්

- Advertisement -

පකිස්තානයේ පවතින චීන ආයතන ව්‍යාපෘති සහ එරට තුළ සේවය කරන චීන ජාතිකයන්ගේ ආරක්ෂාව සදහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස චීනය අවධාරණය කර තිබේ.

චීන විදේශ අමාත්‍යාංශ⁣යේ විශේෂ නියෝජිතයකු පකිස්තානයට කළ මෙම දැනුම්දීම පිලිබද මාධ්‍ය වෙත අනාවරණය කළේ යැයි විදෙස් වාර්තාවල දැක්වේ.

මෙම අවධාරණය කිරීමට ප්‍රධාන හේතුව පකිස්තානයේ කයිබර් පක්තුන්ක්වාහි කොයිෂ්තාන් ප්‍රදේශයේ දී ඉංජිනේරුවන් ඇතුළු චීන ජාතිකයන් නව දෙනෙකු බස්රථයක සිදුවූ පිපිරීමකින් මියයාමත් සමගයි.

මෙහිදී පකිස්තානුවන් තිදෙනෛකුද මියගිය අතර ඩාසු බලාගාර වැඩබිම වෙත සේවකයන් රැගෙන යමින් තිබූ බස්රථයක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුවිය.

එහිදී පළමුව බස්රථය අනතුරට පත්වී ඇති බවත් ඒ හේතුවෙන් ඉන්දන ටැංකිය පුපුරායාමෙන් අනතුර සිදුව ඇති බවත් පකිස්තාන බලධාරීන් ප්‍රකාශ කර ඇතත් මේ පිළිබද තවදුරටත් පරීක්ෂණ සිදුකරන ලෙස චීනය අවධාරණය කර තිබේ.

මේ අතර මෙම සිදුවීමෙන් අනතුරුව පකිස්තානයේ චීන තානාපති කාර්යාලය පකිස්තානයේ සිටින චීන ජාතිකයන්ට දැනුම් දී ඇත්තේ අතවශ්‍ය කරුණකට හැර තම සේවා ස්ථාන සහ නවාතැන්වලින් බැහැරව නොයන ලෙස හා උපරිම ආරක්ෂක ක්‍රියාමාර්ග සලසා ගන්නා ලෙසයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...