30 C
Colombo
Saturday, May 4, 2024

ශ්‍රී ලංකාවට විතරක් ඩෙල්ටා ප්‍රභේදයෙන් ගැළවෙන්න බෑ

- Advertisement -

ශ්‍රී ලංකාවට පමණක් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයෙන් ගැළවීමට නොහැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මුළු ලොව පුරා ම ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් ඇති බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ඉදිරියේ දී ඩෙල්ටා ප්‍රභේදය මෙරට තුළ සුලභ වශයෙන් පැතිරීයාම බලාපොරොත්තු වන ලෙසයි.

කෙසේ වෙතත් දැනට ලබාදෙන සයිනොෆාම්,‍ ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා සහ ෆයිසර් කියන එන්නත් සියල්ලෙන්ම සහ ස්පුට්නික් එන්නතෙන් ඩෙල්ටා ප්‍රභේදය සඳහා විශේෂ ආවරණයක් ලැබෙන බව විද්‍යාඥයින් පෙන්වා දී ඇති බවත් එන්නත් ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය වැලඳුනත්, ඉන් ඇතිවෙන්නේ අවම බලපෑමක් බවත් ඔහු පෙන්වා දෙනවා.

එබැවින්, එන්නත්කරණය ඉතාම වැදගත් වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම, දකුණු අමෙරිකාවේ පේරු රට කේන්ද්‍ර කරගෙන ඇති වු ලැම්ඩා කියන ප්‍රභේදය රටවල් ගණනාවක පැතිරෙමින් පවතින බවත් අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පටන් ගත්ත එප්ස්සයිලන් නමින් හඳුන්වන තවත් නව ප්‍රභේදයක් මේ වන විට රටවල් ගණනාවක පැතිරෙමින් පවතින බවත් මේ සියල්ල ගැන අවධානයෙන් පසුවෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...