27 C
Colombo
Thursday, May 2, 2024

හරීන්ගෙ තාත්තා කියපු කතාව ඉස්සෙල්ලම දැනගත්තෙ මම – රනිල්

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශයට අදාලව ඔහුව අත්අඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අද (19) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

ඔහුගේ පියා සිදුකළ ප්‍රකාශයස් සම්බන්ධයෙන්හරීන් ප්‍රනාන්දු මහතාව රඳවා ගැනීමට පොලිසිය විසින් සිදුකළ උත්සහය හරහා මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදුවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

ඊට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පිළිබඳව හරීන් ප්‍රනාන්දු මහතා දන්නා බව ප්‍රකාශ කර ඇති බැවින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ යුතු බවයි.

එමෙන්ම, යහපාලන සමයේදී දූෂණ මර්දන ඒකකය නමැති ආයතනය හරහා මන්ත්‍රීවරුන් ගණනාවක් සිරගත කළ වික්‍රමසිංහ මහතාට මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියා.

ඉන් පසු අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ සරත් වීරසේකර මහතා අදාලත්වයක් නොමැති ‘මල්ලෙ පොල්’ ප්‍රකාශ සිදු කරන බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා විසින් සිදුකළ බවට පවසන ප්‍රකාශය හරීන් ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් පළමුවරට හෙලිකළේ තමා සමඟ බවත් එම ප්‍රකාශය පිළිබඳව අවශ්‍ය නම් තමාගෙන් විමසිය හැකි බවත් ඒ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරනය කර සිටියා.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...