33 C
Colombo
Friday, May 3, 2024

උලපනේ හිමිගේ විරෝධතාවයට ගුරුවරු සම්බන්ධ නෑ – ස්ටාලින්

- Advertisement -

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද පැවති උද්ඝෝෂණයට ගුරුවරුන් සම්බන්ධ නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

උලපනේ සුමංගල හිමියන් සභාපතිත්වය දරන අධ්‍යාපනය වෘත්තිකයන්ගේ සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද විරොධතාවයක් සිදුකළ අතර එහිදීැතිවූයේ උණුසුම් තත්වයක්.

ඕනෑම පුද්ගලයෙකුට විරෝධතා සිදුකිරීමට ඇති අයිතිය ගැටළුවක් නොවුණද මෙම විරෝධතාවයට ගුරු සංගම් අදාල නොවන බවයි ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ.

ඔවුන් ගුරුවරුන්ගේ ප්‍රධාන විරෝධතාවයට අදාල නොවන බවත් අද දින තමන්ගේ උද්ඝෝෂණය පැවතුනේ මහනුවර බවත් එය මීට වඩා විශාල සහ ප්‍රභල විරෝධතාවයක් බවත් ඒ මහතා පවසා සිටියා.

රජය විසින් දිගින් දිගටම අසත්‍ය සංඛ්‍යා ලේඛන පෙන්වා දෙමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීමේ වගකීමෙන් ගැලවෙමින් සිටියදී තමන්ගේ වියදමෙන් දරුවන්ට අධ්‍යාපනය ලබා දුනේ ගුරුවරුන් බවත් ගුරුවරුන්ගේ මෙම ගැටළු වලට කඩිනම් විසඳුම් අවශ්‍ය බවත් ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...