28 C
Colombo
Saturday, May 4, 2024

අද ආණ්ඩුවට එන සමගි ජනබලවේග මන්ත්‍රීව මහින්දානන්ද හෙළිකරයි

- Advertisement -

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා අද (20) දින විශ්වාස භංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

එමෙන්ම, අවශ්‍ය නම් එක දුරකථන ඇමතුමෙන් ඔහුව ආණ්ඩු පක්ෂයට ගෙන්වා ගත හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු අද දින පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ කෘෂිකර්ම අමාත්‍යවරයා.

“නෙල්සන් මන්ත්‍රීතුමා දැන් ඉදගන්න. ඔබතුමා එක වෙලාවකට මස්සිනා කියන දේ අහළ මේ පැත්තේ ඉන්නවා. තව වෙලාවකට අනිත් පැත්තේ ඉන්නවා. අද හවස ඔයා මේ පැත්තට එන්නනේ ඉන්නේ. අද හවස අපිට ඡන්දේ දෙන්නනේ ඉන්නේ. එහෙනම් දැන්ම ඇවිල්ලා ගනුදෙනුව ඉවර කර ගන්න. ඕනි නම් එක කෝල් එකකින් මේ පැත්තට ගන්න පුලුවන් ඔබතුමාව. රොෂාන් මොකද කියන්නේ ගන්නද මෙයාව. රොෂාන් ඇමතිවරයාව හමුවෙලා බුලත් අතක් දීලා සමාව ගන්න.”

කිංස් නෙල්සන් මන්ත්‍රීවරයාගේ මස්සිනා වන්නේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතායි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...