30 C
Colombo
Saturday, May 4, 2024

පකිස්තානයේ සිටින තානාපති නිලධාරින් ඇෆ්ගනිස්තානය ආපසු සිය රට කැදවයි

- Advertisement -

පකිස්තානයේ සිටින සිය තාතාපතිවරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් යළි සියරට කැදවීමට ඇෆ්ගනිස්තානය කටයුතු කර තිබේ.

ඒ පකිස්තානයේ ඇෆ්ගනිස්තාන තානාපති නජීබ් අලික්හිල්ගේ දියණිය ඉස්ලාමාබාද් අගනුවරදී පැහැරගෙන යාමට විරෝධය පළකිරීමක් ලෙසයි.

කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගිය තානාපති දියණිය වන සිල්සිලා අලික්හිල් පැය කිහිපයකට පසුව නිදහස් කළත් එහිදී ඇය වධහිංසාවට ලක් කර තිබිණ.

ඒ හේතුවෙන් ඇය තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් මෙම සිදුවීම ප්‍රතික්ෂේප කළත් එරට විදේශ අමාත්‍යාංශය සිදුවීම සනාථ කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ වාහනයකින් ගමන් ගනිමින් සිටියදී තානාපති දියණිය මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි.

මෙි සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවද පකිස්තාන විදේශ අමාත්‍යාංශය සදහන් කර තිබිණ.

මෙි අතර කාබුල්හි සිටින පකිස්තාන තානාපති මන්සූර් අහමඩ් ඛාන් කැදවූ ඇෆ්ගනිස්තාන විදේශ අමාත්‍යාංශය මෙම සිදුවීම සමිබන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...