32 C
Colombo
Monday, May 6, 2024

වැඩියෙන් මියයන්නේ එන්නත ලබා නොගත් පුද්ගලයින් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

- Advertisement -

ඊයේ දිනයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පෙරේදා (24) දිනයේ පමණක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 52 ක් බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති බවයි.

ඒ අනුව දින 9 කට පසු යළිත් එක් දිනකදී වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 50 සීමාව පසු කළා.

ඊයේ (24) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ පසුගිය දිනවල කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගොස් තිබුණේ එන්නත් ලබානොගත් පුද්ගලයින් බවයි.

ඒ අනුව කොවිඩ් 19 මර්දන එන්නත ලබාගැනීමේ වැදගත්කම එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නා.

පළමු කොවිඩ් රැල්ලෙන් මෙරට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 ක් වන නමුත් දෙවන කොවිඩ් රැල්ල වන විට එම සංඛ්‍යාව 591 දක්වා ඉහළ ගියා.

කෙසේ වෙතත් මේ වන විටත් පවතින තුන්වන රැල්ලේදී කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3450 ක් ලෙසයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ටොරින්ටන් වතුයාය අසල අභිරහස් මළ සිරුරක්

ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායට ඉහලින් පිහිටි රක්ෂිතයක හදුනා නොගත් නිරුවත් පුද්ගල මළ සිරුරක් ඊයේ (05) හමුවු බව ආගරපතන පොලිසිය පවසනවා. එම රක්ෂිතයේ දැර...

කොළ පාට අර්තාපල් කන්න එපා.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලිමක්

උග්‍ර විෂ සහිත බැවින් කොළ පැහැති අර්තාපල් අල මිලට ගැනීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුහු පෙන්වා දෙන්නේ කොළ පැහැති අර්තාපල් අල...

වතු ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැසක් අහිමි වෙලා

රටේ අනෙකුත් ජනතාවට තිබෙන මුලික අයිතිවාසිකම් රැසක් වතුකරයේ ඇතැම් ජනතාවට නොමැති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිතිඥය නිමල් ජි පුංචිහේවා මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...