28 C
Colombo
Tuesday, May 21, 2024

ලාෆ්ස් ගෑස් මාබිම පර්යන්තයත් අද සිට වසා දමයි – හම්බන්තොට වැහුවේ සිකුරාදා

- Advertisement -

ලාෆ්ස් ගෑස් ආයතනයේ මාබිම පිහිටි බෙදාහැරීම් මධ්‍යස්ථානය හෙවත් ගෑස් පර්යන්තය අද (27) සිට වසා තබන බව එහි සේවකයන්ට ඊයේ (26) දැනුම් දී තිබේ.

එම ආයතනයේ හම්බන්තොට ගෑස් පර්යන්තය ද පසුගිය සිකුරාදා සිට වසා දමා තිබේ.

කොළඹ වරාය හරහා එන ගෑස් තොග මාබිම හරහාත්, හම්බන්තොට වරාය හරහා එන ගෑස් තොග හම්බන්තොට හරහාත් බෙදාහැරීම මේ වන තෙක් සිදුවුණා.

නැවත ලබන 01 වැනිදා සිට මාබිම ගෑස් පර්යන්තය විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි ද සේවකයන්ට දැනුම් දී ඇත.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පිරවීම සහ සාමාන්‍ය හෝටල්වල භාවිත කරන ගෑස් සිලින්ඩර් පිරවීම නතර කෙරුණද, ගෑස් යොදාගෙන නිෂ්පාදන සිදුකරන සමාගම්වලට අවශ්‍ය තොග අඛණ්ඩව සැපයීමට අදාළ සැලසුම් ද ආයතන පාලනාධිකාරිය විසින් සකස් කර තිබේ.

කෙසේ වෙතත් අදාළ සමාගම්වල ගෑස් කටයුතු සඳහා මෑන් පවර් ආයතන හරහා සේවා සපයන සේවකයන් දිගටම ගෙන්වීමට නියමිත ය.

මේ අතර ලාෆ්ස් ගෑස් ආයතනයේ හිමිකාරිත්වයේ වෙනසක් ළඟදීම සිදුවීමට නියමිත බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

RECENT ARTICLES - SINHALA

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන...

ගසක් කඩා වැටීමෙන් කොළඹ පාරක් අවහිර වෙයි

බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබෙනවා. අද (21) උදෑසන මෙම ගස කඩා වැටී ඇති අතර, ඒත් සමග...

Breaking: ඩයනාට ඇප

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...