26 C
Colombo
Tuesday, May 7, 2024

චීනෙන් හඳට යයි

- Advertisement -

චීනය තමන්ගේ විශේෂ සඳ මෙහෙයුමක් රැගත් යානයක් අභ්‍යවකාශගත කරන්නට සූදානමින් ඉන්නවා. මෙම යානය නොවැම්බර් මාසයේ අග අභ්‍යවකාශගත කරනු ඇති.

චැන්ග්’ඉ-5 නමින් හඳුන්වන එම මෙහෙයුම 2017 දී කරන්නට සැලසුම් කර සිටියා. එහෙත් රොකට්ටුවේ අඩුපාඩුවක් නිසා එය ප්‍රමාද වී තිබුණා.

මෙම මෙහෙයුම සංකීර්ණ මෙහෙයුමක්ලු. මෙහෙයුමෙන් යන එක් යානයක් සඳ වටා අභ්‍යවකාශගත කරනු ඇති. තවත් යානයක් සඳේ ගිනිකඳු සහිත පෙදෙසකට ගොඩබසිනු ඇති. එමගින් සඳේ පාෂාණ එකතු කරනු ඇති. ඉන්පසු නැවත සඳ වටා ගමන් කරන යානයට එකතු වී, එය පෘථිවිය බලා පැමිණෙනු ඇති.

විද්‍යාඥයන් පවසන්නේ සාමාන්‍යයෙන් මෙවැනි මෙහෙයුමක් කිරීමට නම් මිනිසුන් ගමන් කිරීම සුදුසු බව. මෙම මෙහෙයුම අනාගතයේදී මිනිසුන් යොදා සිදුකරන මෙහෙයුමක් සඳහා පෙරහුරුවක් විය හැකි බවත් විද්‍යාඥයන් කියනවා.

ලෝන්ග් මාර්ච්-5 නම් දැවැන්ත රොකට්ටුවෙන් එය අභ්‍යවකාශගත කරන්නට සූදානම් කර තිබෙනවා. දකුණු චීනයේ හයිනන් ප්‍රාන්තයේ පිහිටි මෙම මෙහෙයුමේ ආරම්භක ස්ථානයට මෙම රොකට්ටුව උඩු අතට තබාගනිමින් ප්‍රවාහනය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...