27 C
Colombo
Thursday, May 2, 2024

නගර 100 ක් අලංකාර කිරීම සඳහා රුපියල් මිලියන 2000 ක් වෙන්කරලා

- Advertisement -

රටපුරා අලංකාර ලෙස නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන් කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මකයි.

ඒ අනුව එම වැඩසටහන අද (27) දිනයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, හිරිපිටිය නගරයෙන් ආරම්භවනවා.

මෙම වැඩසටහන යටතේ තෝරාගත් නගර 100 ක් අලංකාර සහ හිතකර ලෙස සංවර්ධනය කිරීම සඳහා එක් නගරයකට රුපියල් මිලියන 20 ක් වන සේ නගර 100 සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කර තිබෙනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගත් නගර පහත පරිදි වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ නගර 07 කි.
කොටිකාවත්ත, හංවැල්ල, පාදුක්ක, ඇඹුල්ගම,කඩුවෙල, විද්‍යාල හංදිය සහ මොරටුව.

ගම්පහ දිස්ත්‍රික්කයේ නගර 10 කි.
පෑලියගොඩ, ඒකල, ඇවරියවත්ත, මිනුවන්ගොඩ, හේනේගම, මීරිගම, දිවුලපිටිය, ගණේමුල්ල, පූගොඩ සහ අත්තනගල්ල.

කළුතර දිස්ත්‍රික්කයේ නගර 04 කි.
හොරණ, නාගොඩ, දොඩංගොඩ සහ මීගහතැන්න

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර 06 කි.
වීරවිල, රන්න, චිත්‍රාගල, නෝනාගම, අගුණුකොළපැලැස්ස සහ ලුණුගම්වෙහෙර.

මාතර දිස්ත්‍රික්කයේ නගර 06කි.
දෙයියන්දර, මොරවක, පිටබැද්දර, දෙණියාය, වැලිගම සහ කඹුරුපිටිය.

ගාල්ල දිස්ත්‍රික්කයේ නගර 04කි.
කුමාරකන්ද, බෙන්තර අම්බලන්ගොඩ සහ හබරාදූව.

රත්නපුර දිස්ත්‍රික්කයේ නගර 05 කි.
කුරුවිට, අයගම, නිවිතිගල, ගොඩකවෙල සහ බලන්ගොඩ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ නගර 04 කි.
රඹුක්කන, ගලිගමුව, බුලත්කොහුපිටිය සහ මොරොන්තොට.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 09 කි.
කොබෙයිගනේ, අඹන්පොල, හිරිපිටිය, බිංගිරිය, අලව්ව, හෙට්ටිපොල, පන්නල, පොල්ගහවෙල සහ බම්බුක්කටුව.

පුත්තලම දිස්ත්‍රික්කයේ නගර 03 කි.
හලාවත, තෝප්පුව සහ පාලවිය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර 04 කි.
තිරප්පනේ, එප්පාවල, කජුගොල්ලෑව සහ අනුරාධපුරය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නගර 04 කි.
අරලගංවිල, මැදිරිගිරිය, වැලිකන්ද සහ ජයන්තිපුර.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නගර 02 කි.
කිලිනොච්චි සහ පූනරින්.

යාපනය දිස්ත්‍රික්කයේ නගර 02 කි.
මුරුතනාමඩම් සහ වෙලනායි.

මන්නාරම දිස්ත්‍රික්කයේ නගර 01 කි.
මන්නාරම

වව්නියාව දිස්ත්‍රික්කයේ නගර 01 කි.
වව්නියාව.

මුලතිව් දිස්ත්‍රික්කයේ නගර 01 කි.
වැලිඔය.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...