27 C
Colombo
Thursday, May 2, 2024

ප්‍රදේශ කිහිපයක් හෙට නිදහස්

- Advertisement -

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා හෙට උදෑසන සිට ඉවත් කෙරෙනවා.
කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13 ක් තවදුරටත් හුදකලාව පවතින බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.
එමෙන්ම කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලාව පවතිනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජා – ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා හෙට උදෑසන සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශ

• මීගමුව
• වත්තල
• පෑලියගොඩ
• රාගම
• කැලණිය


කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසම මේ මොහොතේ සිට හුදකලා කළ ග්‍රාම නිලධාරී වසම්,

• බෝගහවත්ත
• බමුණුමුල්ල (මුස්ලිම්) ප්‍රදේශය
• කිරිමන්තුඩාව
• කෝරාවල
• අටලුගම බටහිර
• බමුණුමුල්ල
• ගලගහමණ්ඩිය

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...