32 C
Colombo
Sunday, May 5, 2024

දවසේ සුවිශේෂ සිදුවීම් – ඔලිම්පික් 09 වන දිනය

- Advertisement -

මිහිමත වේගවත්ම මිනිසාගේ අභිෂේකය

නවවන දිනයේ ලොව පුරා දස ලක්ෂ ගණනක් ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට පාත්‍ර වූයේ මීටර් 100 පිරිමි ඉසව්වේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්නයි. ඒ අනුව ටෝකියෝ ජාතික ක්‍රීඩාංග⁣නයේදී යුගයේ විශිෂ්ටතම දක්ෂතාව ලෙස විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ ක්‍රීඩා විලාශයක් ප්‍රකට කරමින් බෝල්ට් ගෙන් පසු යුගයේ ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳීමට ඉතාලියේ Marcell Jacobs සමත් වුණා. ඒ යුග ගණනාවක් කෙටි දුර ධාවන පථයේ පැවති ජැමෙයිකානු සහ ඇමෙරිකානු අධිපත්‍යය බිඳ දමමින්. Jacobs ඉසව්ව නිම කළේ තත්ත්පර 9.89කින්. පිරිමි මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම ඇමෙරිකාවේ Fred Kerley දිනාගත් අතර ලෝකඩ පදක්කම කැනඩාවේ Andre De Grasse දිනා ගත්තා.
වැරදි ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ Zharnel Hughesට මීටර් 100 අවසන් තරගය අහිමි වීමත් විශේෂත්වයක්.

ලෝක වාර්තා අලුත් කළ තුන් පිම්ම

මීටර් 15.67 ක දුරක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක්ද සමග ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තුන් පිම්ම කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමට වෙනිසියුලාවේ Yulimar Rojas සමත් වුණා. මීට පෙර එම වාර්තාව වූයේ මීටර් 15.50ක්.

සිය පළමු පිම්මෙන්ම මෙම ඉසව්වේ රන් පදක්කම තහවුරු කරගන්න Rojas සමත් වුණේ නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් මීටර් 15.41ක දක්ෂතාවක් පෙන්නමු කරමින්. ඇය සිය තුන්වන උත්සාහයේදී ලෝක වාර්තාවක් දක්වා සිය දක්ෂතාව ඉහළ නංවා ගනු ලැබුවා. Rojas දිනා ගත්තේ වෙනිසියුලාවේ පළමු ඔලිම්පික් රන් පදක්කම වීමත් විශේෂත්වයක්.

තුන් පිම්ම ඉසව්වේ රිදී පදක්කම පෘතුගාලයේ Patricia Mamona දිනා ගත්තේ මීටර් 15.01ක දක්ෂතාවක් දක්වමින්. මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම මී⁣ටර් 14.87ක දක්ෂතාවක් දැක්වූ Ana Peleteiro දිනා ගත්තා.

ජයග්‍රහණය බෙදී ගිය උස පැනීම
කටාර්හි Mutaz Barshim සහ ඉතාලියේ Gianmarco Tamberi උස පැනීමේ පිරිමි ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම සමසේ බෙදා ගැනීමට ටෝකියෝවේදී තීරණය කළා.

තරගය අවසන් වන විට මීටර් 2.37ක උස සාර්ථකව තරණය කිරීමට Barshim, Tamberi මෙන්ම බෙලරුසියාවේ Maksim Nedasekau සමත්ව සිටියා.

ඒ අනුව පැහැදිලි ජයග්‍රාහකයෙක් තෝරා ගැනීම සඳහා ස්ථාපිත කෙරුණු මීටර් 2.39 තරණය කිරීමට Barshim හෝ Tamberi හෝ Nedasekau අසමත් වුණා.

ඉන් පසු ඔවුන් තරගයේ පෙර පිමි වල වාර්තා සැලකිල්ලට ගෙන ජයග්‍රහණය තීරණය කිරීමට විනිසුරුවරුන් තීරණය කළා. එහිදී Nedasekau පෙර උත්සාහයන් දෙකකදී අසාර්ථක වී තිබීම හේතුවෙන් රන් පදක්කම වෙනුවෙන් වූ සටනින් ඔහු ඉවත් කෙරුණා. නමුත් Barshim හා Tamberi සියලු උත්සාහයන් සාර්ථක කරගෙන සිටීම විනිසුරුවරුන් යළි අර්බුදයකට ඇද දැමුවා.

රන් පදක්කම වෙනුවෙන් යළි තරග කිරීමට ඔවුන්ට අවස්ථාව දීමට විනිසුරුවරුන් තීරණය කලද Barshim හා Tamberi තීරණය කළේ ඔලිම්පික් රන් පදක්කම සම⁣සේ බෙදා ගැනීමටයි.

ඒ අනුව Maksim Nedasekauට පිරිමි උස පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වුණා.

පදක්කම් සටහනේ චීනය පෙරමුණේ

රන් පදක්කම් 21 රිදි පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 12ක් දිනා ගනිමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ චීනයයි.
රන් පදක්කම් 17ක් දිනාගත් සත්කාරක ජපානය දෙවැනි ස්ථානයේත් ඇමෙරිකාව රන් පදක්කම් 16ක් දිනාගෙන තුන්වන ස්ථානයේත් පසුවනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...